බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

by editor
ජූලි 9, 2026
in පුවත්
දෙබිඩි නිවුන් දරුවෝ...

දෙබිඩි නිවුන් දරුවෝ...

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

සිදුවී තිබුණේ වෛද්‍ය විද්‍යාවේ නිශ්ඡිත විද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රායෝගික කළ අපූර්ව පෙළහරකි. මෙවැනි සුවිශේෂී සහ සංකීර්ණ ශල්‍යකර්මයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු දිනක සිදුවී නොමැති අතර, සමස්ත ලෝක වෛද්‍ය ඉතිහාසය තුළ ද මෙවැන්නක් මීට පෙර සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් තහවුරු වී නොමැත.

ලෝක වෛද්‍ය ඉතිහාසය දෙස හැරී බැලීමේදී, බද්ධ නිවුන් දරුවන් වෙන් කර ඔවුන්ට නීරෝගී, නිදහස් ජීවිත ලබා දීම සඳහා වූ ශල්‍යකර්ම විවිධ රටවල සිදුවී ඇති අතර, ඒ සඳහා දිගු ඉතිහාසයක් ද පවතී. එහෙත්, පේරාදෙණිය ශික්ෂණ රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අද දින සාර්ථකව නිමා කරන ලද මෙම ශල්‍යකර්මය ඒ සියල්ලටම වඩා අතිශය සුවිශේෂී වනු ඇත. ඔවුන් මෙලෙස ශල්‍යකර්මයක් මඟින් සාර්ථකව වෙන් කරනු ලැබුවේ ශ්‍රෝණි මේඛලාවෙන් (ඉණ ප්‍රදේශයෙන්) එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකි.

ලෝකයේ පළමු වතාවට සිදුවූ වකුගඩු බද්ධ කිරීමේ අභියෝගය

මෙම ශල්‍යකර්මයේ තිබුණු අතිවිශේෂ සහ අතිශය සංකීර්ණ තත්ත්වය වූයේ, එකට බද්ධ වී සිටි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුට පමණක් වකුගඩු දෙකක් පිහිටා තිබීමත්, අනෙක් දරුවාට කිසිදු වකුගඩුවක් පිහිටා නොතිබීමත්ය. මේ හේතුවෙන් ශල්‍යකර්මයේ ප්‍රථම පියවර ලෙස වකුගඩු දෙක පිහිටි දරුවාගේ එක් වකුගඩුවක් ඉතා ප්‍රවේශමෙන් ගලවා ඉවත් කර, වකුගඩු නොමැති අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කරනු ලැබීය. ඉන් අනතුරුව, එහි දෙවැනි පියවර ලෙස දරුවන් දෙදෙනා වෙන් කිරීමේ සමස්ත ශල්‍යකර්ම ක්‍රියාවලිය සාර්ථකව නිමා කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් විය.

දෙබිඩි නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කමක් අතරතුර, මේ ආකාරයෙන් එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට වකුගඩු බද්ධයක් සිදුකර සැත්කම සම්පූර්ණ කරනු ලැබුවේ ලෝක වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාතුල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

සාර්ථක සැත්කමින් පසු…

වසර පහක දීර්ඝ සූදානම සහ සැත්කමේ පියවර

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මඟින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් මෙම බද්ධ නිවුන් දරුවන් පිටතට ගෙන තිබුණි. ඉන් අනතුරුව, 2024 වසරේදී දරුවන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක් කරන ලදී. එම වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව, දරුවන් එකිනෙකාගෙන් වෙන් කිරීමේ අවසන් මහා සැත්කම සිදුකර තිබෙන්නේ පසුගිය මස 10 වැනිදාය.

RelatedPosts

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

කෙළවර කොතැන ද?…

එම සැත්කම සිදුකළ දින සිට දැඩි සත්කාර ඒකකයේ (ICU) විශේෂ ප්‍රතිකාර හා නිරීක්ෂණ යටතේ පසු වූ දරුවන් දෙදෙනා, ඉදිරි දින කිහිපය ඇතුළත සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට හැකි මට්ටමේ සුවයකින් පසුවන බව ද වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි පැවසීය.

මීට පෙර ද මෙරට තුළ බද්ධ වී සිටි නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම් සිදුවී ඇති නමුත්, එක් දරුවෙකුගේ වකුගඩුවක් ගලවා ඉවත් කර අනෙක් දරුවාට බද්ධ කරමින්, ඔවුන් වෙන් කිරීමේ මෙවැනි අතිසංකීර්ණ සැත්කමක් මෙතෙක් ලොව කිසිදු රටක සිදුකර නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙවැනි බරපතළ සැත්කමක් සඳහා දරුවන් සිහිනැති කිරීමට නම්, ඔවුන්ගේ සිරුරේ බර ඊට සරිලන සාමාන්‍ය තත්ත්වයක පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වූ බැවින්, උපතින් පසු වසර 05 ක දීර්ඝ කාලයක් යනතෙක් මෙම වෙන් කිරීමේ සැත්කම ප්‍රමාද කරමින් දරුවන් සූදානම් කළ බව ද ඔහු කියා සිටියේය.

පූර්ව අත්දැකීම් සහ පැය 14 ක නිර්වින්දන අභියෝගය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ අදහස් දක්වමින් කියා සිටියේ, පේරාදෙණිය ශික්ෂණ රෝහල තුළ මේ වනවිට ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 200 ක් පමණ සාර්ථකව සිදුකර තිබෙන බවයි. එම දීර්ඝ කාලීන අත්දැකීම් සහ ප්‍රවීණත්වය, මෙම සුවිශේෂී සැත්කම අතිසාර්ථක ලෙස නිම කිරීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වූ බව ඔහු සඳහන් කළේය.

මේ අතර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක මහත්මිය පවසා සිටියේ, මෙම දරුවන් දෙදෙනා සැත්කමට ලක් කිරීම සඳහා පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා අතිදීර්ඝ කාලයක් අඛණ්ඩව සිහිනැති කර තබා ගැනීමට සිදුවූ බවයි. එම දීර්ඝ කාලය පුරාම ඔවුන්ගේ හෘද වස්තුව, පෙනහළු, රුධිර සංසරණ පද්ධතිය මෙන්ම මොළය ද ඉතා යහපත් අයුරින් ක්‍රියා කිරීම සැත්කමේ සාර්ථකත්වයට විශාල පිටුවහලක් වූ බව ඇය කීවාය.

පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන සාමාන්‍ය ළමයෙකු වුවද දීර්ඝ වේලාවක් සිහිනැති කර නැවත සිහිය ලබා ගැනීම වෛද්‍ය විද්‍යාත්මකව විශාල අභියෝගයක් බවත්, එවැනි අවදානම් තත්ත්වයක් පවතිද්දී මෙම දරුවන් දෙදෙනා පැය 14 ක පමණ කාලයක් නිර්වින්දන තත්ත්වයේ තබා ගනිමින් සැත්කම සාර්ථකව නිමා කර, යළි සුවසේ සිහිය ලබා ගැනීමට හැකිවූයේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත පිරිසම එකමුතුව කණ්ඩායමක් ලෙස උපරිම කැපවීමෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් නිසා බවත් ඇය කෘතඥ පූර්වකව සිහිපත් කළාය.

කායික අසාමාන්‍යතා සහ 30 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම

වෛද්‍ය කණ්ඩායම

සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මහතා සඳහන් කළේ, මෙම දරුවන් දෙදෙනා එකිනෙකාට සම්බන්ධ වී තිබූ ශ්‍රෝණි මේඛලාවේ (ඉණ ප්‍රදේශයේ) පැහැදිලි අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවයි. විශේෂයෙන්ම ඔවුන්ගේ කකුල් පිහිටා තිබුණේ සාමාන්‍ය පරිදි නොව හරස් අතටය. දරුවන්ගේ හිසට සාපේක්ෂව පාද අංශක 90 ක (90°) කෝණයකින් පිහිටා තිබීම නිසා, පාද කරා දිවෙන සියුම් ස්නායුවලට සහ රුධිර ගමනාගමන පද්ධතියට කිසිදු හානියක් හෝ බාධාවක් නොවන අයුරින් දරුවන් දෙදෙනා වෙන් කිරීම වෛද්‍ය කණ්ඩායම හමුවේ තිබූ දැවැන්තම අභියෝගයක් වූ බව ද ඔහු පැවසීය.

මෙම අතිශය බැරෑරුම් සහ ඓතිහාසික ශල්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු ඇතුළුව 30 කට අධික වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල කණ්ඩායමක් සෘජුවම දායක වී ඇත. දරුවන් දෙදෙනා මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ගේ ඉදිරි වර්ධන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී තවත් සුළු සැත්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතව ඇති බවත් වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නනායක්කාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැලිය සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කවිෂා දිසානායක මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් රැසක් එක්වෙමින් තම අදහස් දක්වන ලදී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

Related Posts

පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026
පුවත්

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026
පුවත්

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!
  • ‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.