බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

by editor
ජූලි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුව අතරතුර, නේටෝ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් මෙසේ කීවේය.

“ ඉරානය සමග පැවති  සටන් විරාමය අවසන්…“

ඔහු ඉරාන නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින්, සටන්විරාමය “කාලය නාස්ති කිරීමක්” බවත්, “ඔවුන් (ඉරානය) අන්ත දූෂිත මෙන්ම ප්‍රචණ්ඩකාරී පිරිසක්” බවත් ප්‍රකාශ කළේය.

පසුගිය දින දෙක පුරා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ සෞදි සහ කටාර් රාජ්‍යයන්ට අයත් වාණිජ තෙල් නැව් (Tankers) තුනකට ඉරාන ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කළේය. එය හෝමුස් කෙරෙහි ඉරාන ආධිපත්‍ය ප්‍රකාශ කරවන ප්‍රහාරයකි.

මෙයට ප්‍රතිචාර වශයෙන් පෙරේදා (ජූලි 7) රාත්‍රියේ ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය (CENTCOM) විසින් ඉරානයේ ඉලක්ක 80කට අධික සංඛ්‍යාවකට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල  කළේය.  ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා 60කට වැඩි ප්‍රමාණයක්, වෙරළබඩ රේඩාර් පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන මෙහිදී විනාශ කෙරුණු අතර, බන්ඩර් අබ්බාස් සහ බුෂෙහ්ර් ප්‍රදේශවලදී ඉරාන හමුදා නිලධාරීන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන මාධ්‍ය තහවුරු කළේය.

RelatedPosts

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

ඇමරිකානු ප්‍රහාරවලින් පසු, ඊයේ (ජූලි 8) අලුයම ඉරාන හිතවාදී බලවේග විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි ඇමරිකානු මිලිටරි කඳවුරු සහ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.

පසුගිය ජූනි 17 වැනිදා ඇති කරගත් තාවකාලික එකඟතාවය යටතේ ඉරානයට තෙල් අපනයනය සඳහා ඇමරිකාව ලබා දී තිබූ ‘සම්බාධක ලිහිල් කිරීමේ සහනය’ (Sanctions Waiver) ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළේය.

අද සවස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ද ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, “අද රාත්‍රියේදීත් අප ඉරානයට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තිබෙනවා” යනුවෙනි. එසේම, අවශ්‍ය වුවහොත් ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන ඛාර්ග් දූපත (Kharg Island) තමන් යටතට ගැනීමට හෝ එරට විදුලි බලාගාර සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන වැනි සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීමට පසුබට නොවන බවට ද ට්‍රම්ප් තර්ජනය කර ඇත.

මේ සියල්ලම සිද්ධ වන්නේ ශියා මුස්ලිම්වරුන් එක මිටකට එක් කළ කමේනිගේ අවසන් කටයුතු සිදුකෙරන අවමංගල පූජෝත්සවය අතරය.

කිමේනිගේ අවසන් ගමන

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය පෙරහැර ඉරාකය තුළට දැන් ඇතුළු වී තිබේ. එය මේ වන විට ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගරයක් වන නජාෆ් වෙත ළඟා වී ඇත. කමේනිගේ රුව රැගත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සහ “ඇමරිකාවට මරණය”, “ඊශ්‍රායලයට මරණය” යනුවෙන් සටන් පාඨ කියමින් අතිවිශාල ශෝකවන්නන් පිරිසක් මෙම ගමන් මාර්ගය දෙපස රැස්ව සිටිති. එහිදී ඉරාක සහ ඉරාන ජාතික ධජයන්ට අමතරව, ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වල බැනර් සහ පුවරු ද කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරේ.

අලි කමේනිගේ අවමංල පූජෝත්සවය . දින හයක් පුරා පැවැත්වෙන්නේය.  මෙම අවමංගල්‍ය උත්සවය මුලින්ම ඉරානයේ ටෙහෙරාන් සහ කොම් (Qom) යන නගරවලදී ආරම්භ වූ අතර, පසුව එය ඉරාකයේ නජාෆ් (ඉමාම් අලිගේ සිද්ධස්ථානය පිහිටි ස්ථානය) සහ කර්බාලා වෙත රැගෙන එන ලදී. අවසානයේදී දේහය භූමදානය සඳහා ඉරානයේ මෂාඩ් (Mashhad) නගරය වෙත නැවත රැගෙන යාමට නියමිතය.

මෙම අවමංගල්‍යය සඳහා මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන අතර, එය දේශසීමා ඉක්මවා ගිය ෂියා මුස්ලිම් සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව ඇත.

ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සයිදි ඇතුළු එරට උසස් නිලධාරීන් විසින් මෙම දේහය රැගත් පෙරහැර පිළිගනු ලැබූ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අවමංගල්‍ය පෙරහැර හරහා ෂියා ආගමික ජාලයන් සහ සන්නද්ධ කණ්ඩායම් ආශ්‍රයෙන් ඉරානය කලාපය තුළ පතුරුවා ඇති බලපෑම මැනවින් පැහැදිලි වේ.

පෙසෙෂ්කියන්ගේ නව නායකත්වය සහ බොහෝ දුරට මෝජ්තබා කමේනි (Mojtaba Khamenei) ඉදිරියට ඒම සමඟ ඉරානය මේ වන විට දැඩි ස්ථාවරයක පසුවේ. එරට දැඩි මතධාරීන් සහ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පසුවන්නේ පළිගැනීමේ දැඩි අදිටනකය. මෙවැනි පසුබිමක පැවැත්වෙන රට අභ්‍යන්තරයේ රැලි සහ මෙම අවමංගල්‍ය උත්සවය ඉරාන පාලන තන්ත්‍රයේ නොබිඳෙනසුලු බව ලෝකයට ප්‍රදර්ශනය කරයි.

මෙවැනි තත්ත්වයක සටන් විරාම ගිවිසුම නිමා වූ බවත්, ඉරානය විනාශ කරන බවත් කියැවෙන  ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයන් හේතුවෙන්, බාහිර සතුරන් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ඉරාන රජය ගෙන යන මතවාදය තවදුරටත් තහවුරු වී ඇත. මෙය එරට ජනතාව සහ දේශපාලන ප්‍රභූන් පාලන තන්ත්‍රය වටා රොද බැඳීමට හේතු වී තිබේ. අවසානයේ දී ඇමරිකාව සහ ඊශ්‍රයාලය විසින් ඝාතනය කරනු ලැබූ කමේනිගේ    අවමංගල්‍යය ඇමරිකාවට එරෙහි විරෝධයක් පෑමේ ලෝක වේදිකාවක් කරගෙන තිබේ.

බටහිර පුරෝකථන

මෙහිදී වාර්තා වන අතිවිශාල ජනගඟ, ෂියා ආගමික සංකේත සහ මෙමඟින් යුද්ධය තවදුරටත් වර්ධනය වීමේ ඇති අවදානම පිළිබඳව බටහිර මාධ්‍ය අවධාරණය කරති. හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව්වලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව ක්‍රියා කළ ආකාරයත්, ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශත් මඟින් මහා පරිමාණ කලාපීය යුද්ධයක් ඇවිළීමේ අවදානමක් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉරාන හිතවාදී මාධ්‍ය මේ අවමංගල්‍යය හඳුන්වා දෙන්නේ “ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට” එරෙහිව සමස්ත ලෝකවාසී ෂියා මුස්ලිම්වරුන්ගේ වැලපීමක් සහ නැගී සිටීමක් ලෙසය.    ඉරාන පාලන තන්ත්‍රයේ ඒකාබද්ධතාවය සහ තමන්ගේ ස්වෛරීභාවය මෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇති කැපවීම ඔවුහු මින් ලොවට විදහා දක්වති. ඉරානය තමන්ගේ බලය ප්‍රක්ෂේපණය කිරීම සඳහා මෙම අවමංගල්‍යය උපයෝගී කරගනිමින් ඇත.

ඇමරිකානු තර්ජන හමුවේ මේ සිදුවෙමින්   ඉරාන-ඉරාක ෂියා සබඳතා සහ සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම තවදුරටත් ශක්තිමත් වීමය. මෙම යුද ගිනිදැල් ලෙබනනය, යේමනය හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය වෙත පැතිර යාමේ බරපතළ අවදානමක් දැන් නිර්මාණය වී හමාරය.

හෝමූස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් උච්චාවචනය වෙමින් පවතී. එසේම මෙය ඇමරිකාවේ මිත්‍රරාජ්‍යයන් සමඟ පවතින සබඳතාවලට ද බලපා ඇති අතර, නේටෝ සමුළුවේ සාකච්ඡා ද සංකීර්ණ කර ඇත.

අප අත් දකිමින් සිටිනා යථාර්ථය නම්   ඕනෑම මොහොතක නැවතත් පූර්ණ යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවය. පකිස්ථානය හෝ කටාර් රාජ්‍යය වැනි මැදිහත්කරුවන් හරහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පසුබිමින් ක්‍රියාත්මක වුව ද එය ලෝකයට පෙනෙන්ට කරන හුදු රඟපෑමකට වඩා යමක් නැත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අප නැවතත් අපායේ දොරටුව අභියසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

Related Posts

Paddy 03
පුවත්

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026
පුවත්

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
negambo-prison
පුවත්

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
Paddy 03

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!
  • 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!
  • ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.