අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

by editor
ජූලි 7, 2026
in පුවත්
negambo-prison
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර, මෙම කැරැල්ලෙන් මියගිය රැඳවියන් කවුරුන් දැයි හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට මේ වන විට අවස්ථාව ලබා දී ඇත.

මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප මීගමුව රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා නිරීක්ෂණය කර මියගිය අය හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව සලසා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 ගැටුමෙන් තුවාල ලැබූ බරපතළ තත්ත්වයේ පසු වන රැඳවියන් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ආරක්ෂක පියවරක් ලෙස, මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700 කට ආසන්න පිරිසක් බස් රථ මඟින් අඟුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහාම මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පසුගිය (06) වැනිදා උදෑසන ආහාර ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු වූ අවස්ථාවේදී රැඳවියන් පිරිසක් විසින් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම දරුණු ගැටුම හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ අනෙකුත් නිලධාරීන්ට ද රැඳවියන් පහර දී ඇති අතර, එහිදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ කාර්යාලය, ඔසුසල සහ අවි ගබඩාව ද කඩා බිඳ දමා සියලු දේ ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇත.

RelatedPosts

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

මෙම ගැටුම පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අහසට වෙඩි තබා ඇති අතර, පසුව කැරලි මර්දන නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී තුවාල ලැබූවන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.

රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පලා යාමට උත්සාහ කළ ද, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන බලකාය සහ යුද හමුදාව එක්ව එය වළක්වා තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් ගුවනින් තොරතුරු නිරීක්ෂණය කළ අතර, රැඳවියන් විසින් නිලධාරීන්ගෙන් පැහැරගත් ගිනිඅවිවලින් ඩ්‍රෝන යානාවට ද වෙඩි තබා ඇත.

මේ වනවිට තත්ත්වය මුලුමනින්ම පාලනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.  ඊයේ දිනයේ දී ගැටුමින් තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන් හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීමට අමත්‍යවරයා කටයුතු කළේය.

Share69Tweet43
Previous Post

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

Related Posts

Parliment
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

ජූලි 7, 2026
GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Parliment

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

ජූලි 7, 2026
negambo-prison

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

ජූලි 7, 2026
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!
  • මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!
  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.