සඳුදා, ජූලි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

by editor
ජූලි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම දෙවැනි දිනයටත් ඇවිලී යමින් ඇත.  ගැටුම හේතුවෙන්  මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් සිව් ඇතුළුව පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගැටුම පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටියි.

ඊයේ (05) පස්වරුවේ ආරම්භ වූ මෙම ගැටුමෙන් මුල් පියවරේදී රැඳවියන් දෙදෙනෙකු මියගොස්, 38 දෙනෙකු තුවාල ලබා තිබුණි.  ඉන් 10 දෙනෙක් ශල්‍යකර්මවලට භාජනය විය. දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුව රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවිනි.  නිලධාරීන් කීවේ ඊයේ දිනයේදීම මේ ගැටුම පාලනය කළ බවය.

කෙසේ වෙතත් අද (06) දිනයේ බන්ධනාගාරය තුළ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇතුළු වූ විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එල්ල වූ දරුණු ප්‍රහාරයත් සමඟ තත්ත්වය වඩාත් නොසන්සුන් විය. අද දිනයේ පමණක් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් තිදෙනෙකුම බන්ධනාගාර නිලධාරීන් ය.

RelatedPosts

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සමස්ත තුවාල ලැබූ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් ඇත.   තුවාල ලැබූවන්ගේ තත්ත්වය මත මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වන පිරිසක් සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා සහාය දුන් පිරිසක් අතර සංවිධානාත්මක අපරාධ කල්ලිවල මැදිහත් වීම මත මෙම ගැටුම හටගෙන ඇති බවයි. මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් පොලිසියට ඔත්තු සැපයූ බව කියන පිරිසක් ඉලක්ක කරගෙන මෙම මිනීමරු ප්‍රහාරය ඊයේ දිනයේ දී එල්ල විය.  අද මේ ඇවිලී ඇත්තේ එහි දිගුවය.

මේ වනවිට වාර්තා වී ඇති නිල නොලත් ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මේ ගැටුම පසුපස සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ප්‍රකට අපරාධකරුවන් සිටින බවයැයි විමර්ශන අංශ කියයි.

මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක ආරක්ෂක කණ්ඩායම් කැඳවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙම තත්ත්වයත් සමඟ අධිකරණ අමාත්‍යාංශය ද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාව උපරිම අයුරින් තර කිරීමට පියවර ගෙන තිබේ.

Share69Tweet43
Previous Post

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

Next Post

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

Related Posts

පුවත්

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

ජූලි 6, 2026
පුවත්

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජූලි 6, 2026
පුවත්

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

ජූලි 6, 2026

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!
  • මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.