ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ.ෂා (Jay Shah) අතර විශේෂ හමුවක් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මේ හමුව සිදු්වන්නේ ජෙ. ෂා ගේ ද පුද්ගලික මිත්රත්ත්වයක් සහිත හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ප්රමුඛ පාලක මණ්ඩලය ඉවත් කර ක්‍රිකට් පරිවර්තන කමිටුවක් විසින් දූෂිත ක්‍රිකට් බල ව්‍යුහය වෙනස් කරමින් සිටින අතරතුරය.
මෙම පරිවර්තනයේ ආරම්භක අවස්ථාවේ දි අයි.සී.සී. නියෝජිතයෙක් ලංකාවට පැමිණ සිදුවන දේ සම්බන්ධව නිරීක්ෂණයක ද නිරත විය. ජෙ ෂා ගේ පැමිණීම සිදුවන්නේ ඉන් පසුවය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය, ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහිදී දීර්ඝ සාකච්ඡාවට ලක් වී ඇතැයි වාර්තා වේ.









