කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන ජනතාවගේ මළ සිරුරු යම් කොන්දේසිවලට යටත්ව භූමදානය සඳහා ඉඩ දිය යුතු බව ශ්රී ලංකා අමරපුර හා රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරයි.
ඒ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගිනි.
භූමදාන ක්රමයේදී පවතින ඵලදායිතාව මැන ගැනීම සඳහා මුල් අවස්ථාවේ දී කිසියම් පරීක්ෂණයක් සිදුකර බලන ලෙස ද එම ලිපිය මගින් පෙන්වා දෙයි.
මේ සඳහා වෛරස විශේෂඥයන්, ආගමික නායකයින් ඇඇතුළු අදාළ සියලු පාර්ශ්ව හදිසි රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.