සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර දකුණ ව්‍යාපාරිකයා ඝාතනය… සීසීටීවී දර්ශන මාධ්‍යයට මුදා හැරේ…

by editor
මැයි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 කළුතර දකුණ, වෙට්ටුමකඩ (පල්ලි පාර) ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ ඉලක්කගත වෙඩි තැබීමකින් සිදුකළ ඝාතනයට අදාල  සී.සී.ටී.වී දර්ශන මේ වනවිට මාධ්‍යයට මුදා හැර තිබේ. 

අද මේ හඳුනා නොගත් ඝාතකයෙක්  විසින් මේ අයුරින්  අයුරින් වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ  ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අද උදෑසන 8:59 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වින්දිතයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මග අයිනේ නවතා තිබූ  මෝටර් රථයක් මාර්ගය හරස් කර යතුරු පැදිකරු සිය යතුරු පැදිය නැවැත් වූ පසු  වාහනය තුළ සිටම වෙඩි තබා ඔහුව ඝාතනනය කරන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සිදුවන ආකාරය අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවල ඉතාම පැහැදිලිව දක්නට ඇත.

ඝාතනය වුනේ කවුද?

පොලිස් වාර්තා සනාථ කරන පරිදි මෙලෙස ඝාතනය වී  ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකි.  ඔහු එම ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් ගව මස් අලෙවි කිරීමේ  ව්‍යාපාරයක නිරත වූවෙකු බව ද සඳහන් වේ. ඔහු පකික් මොහොමඩ් මොහොමඩ් ෂෆික් නැමැති පුද්ගලයෙකි

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මූලික විමර්ශනවලදී ලැබුණු තොරතුරුවලට අනුව මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් නිසා සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

අපරාධයට වාහන දෙකක්

පොලිස් විමර්ශනවලට අනුව ඝාතකයන් විසින් මෙම අපරාධය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වාහන දෙකක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් මුලින්ම පැමිණ ඇත්තේ සුදු පැහැති වෑන් රථයකිනි.   පසුව ඔවුන් වෙඩි තැබීම සිදු කිරීම සඳහා මෝටර් රථයකට මාරු වී ඇත.

අපරාධයෙන් පසු පළාගිය සැකකරුවන් විසින් ඔවුන් පැමිණි සුදු පැහැති වෑන් රථය දොඩංගොඩ ප්‍රදේශයේ (කළුතර – මතුගම මාර්ගයේ) දහවල් කාලයේ දී අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. එමෙන්ම, වෙඩි තැබීම සඳහා භාවිත කළ මෝටර් රථය ද තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල (නෑබඩ ප්‍රදේශයේ) අතහැර දමා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් අනුයුක්ත කර තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. කාර්යබහුල ප්‍රදේශයක මහදවල් සිදුවූ මෙම වෙඩි තැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිති.

පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන්නුන්ගෙන් කප්පම් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්!

Next Post

රටේ තත්ත්වය සලකා අත්‍යවශ්‍ය සේවා රැසක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.