සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්: “දකුණේ චන්දෙට බය ඇති නේ… කොන්දක් තියෙනවා නම් උතුරු පළාතට හරි පළාත් සභා ඡන්දය තියන්න”

by editor
මැයි 25, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

දකුණු පළාතේ ඡන්දය තියන්නට බය නම්  උතුරු පළාත් සභා මැතිවරණය හෝ  පවත්වා පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් කොන්දක් තිබේ නම් මේ අභියෝගය පිළිගන්නා ලෙසත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කීවේ තමන් තවම නිසි ලෙස වැඩේට බැස්සේ නැති බවය. “මේ පටන් ගත්තා විතරයි” ඔහු කීවේය.

නාමල් රැළිය අමතමින් මෙසේ පැවසුවේය.

ආණ්ඩුව ඡන්දයට බයයි

“මැතිවරණයක් පවත්වන දිනය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවයි. නමුත් පසුගියදා යාපනයට ගිය ආණ්ඩුවේ මහලේකම්වරයා මේ වසරේ මැතිවරණ පවත්වන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා. දේශපාලන පක්ෂයක ලේකම්වරයකුට එවැනි ප්‍රකාශයක් කරන්න කිසිදු අයිතියක් නැහැ. ආණ්ඩුව දකුණට සහ බස්නාහිරට බය නම්, අවම වශයෙන් උතුරු පළාත් සභා මැතිවරණය හෝ පවත්වා තමන්ට කොන්දක් ඇති බව පෙන්විය යුතුයි. මහින්ද රාජපක්ෂ පාලන සමයෙන් පසු අද වනතුරු උතුරේ ඡන්දයක් පවත්වා නැහැ. හැමෝම උතුරේ ජනතාවගේ අයිතීන් ගැන කතා කළත් ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දෙන්නේ නැහැ.”

අපි තාම වැඩේට හරියට බැස්සේ නැහැ

වත්මන් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මදි බවට ඇතැම් පාර්ශව සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සිදුකරන ප්‍රකාශවලට ද ඔහු මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“අද සමහරු කියනවා මේ විපක්ෂය මදි කියලා. ජේ.වී.පී. එකේ සහෝදරයන්ට මම කියන්නේ අපි තාම වැඩේට හරියට බැස්සේ නැහැ. මේ අපේ පටන්ගැම්ම විතරයි. මේ රටේ මහ පොළොවේ පය ගහලා, ජනතාවට ඔවුන්ගේම ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කර දෙන තෙක් අපි මේ ජන බලවේගය අඛණ්ඩව ඉදිරියටම මෙහෙයවනවා.”

නීතිය කාටත් සමාන විය යුතුයි

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති භික්ෂුවක සම්බන්ධ ළමා දූෂණ සිද්ධිය පිළිබඳව ද නාමල් රාජපක්ෂ මෙහිදී සිය අදහස් පළ කළේය.  වත්මන් ආණ්ඩුව මහා සංඝරත්නයට අපහාස කරමින්, රටේ සංස්කෘතික අගයන් සහ විශ්වාසයන් බිඳ දැමීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය. එය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය විය හැකි බවත්, ඔවුන්ට කාන්තාවන් හෝ දරුවන් කෙරෙහි සැබෑ කැක්කුමක් නොමැති බවත් හෙතෙම පැවසීය. එහෙත් හැමට නීතිය එක සමානව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසුවේය.

“මේ රටේ නීති දෙකක් තිබෙන්න බැහැ. ආණ්ඩුවට වාසි තැන්වලදී නීතිය වෙනස් කරන්නත්, අවාසි තැන්වලදී නීතිය මාරු කරන්නත් ඉඩ දිය නොහැකියි. වැරැද්දක් කළේ මාලිමාවේ කෙනෙක්ද, ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ද කියන එක අදාළ නැහැ. ඕනෑම තරාතිරමක අයෙක් වැරැද්දක් කර ඇත්නම් නීතිය හමුවේ දඬුවම් විඳිය යුතුයි. ඒ නිසා මෙම පරීක්ෂණ කටයුතුවලට ඇඟිලි නොගසන ලෙස අප ආණ්ඩුවට බලකර සිටිනවා.”

වැරදි හදාගෙන ඉදිරියට යනවා

තම දේශපාලන බලවේගය සැමවිටම ජනතාව සමඟ සිටි, වැඩ කර පෙන්වූ කණ්ඩායමක් බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ, අතීතයේ සිදුවූ යම් අතපසුවීම් පිළිගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට සූදානම් බව ද අවධාරණය කළේය.

“අපේ අතින් යම් අතපසුවීම් වෙලා තියෙනවා, අපි නෑ කියන්නේ නැහැ. අපි ඒ අතපසුවීම් සහ වැරදි හදාගෙන, මේ රටට ගැලපෙන, මහ පොළොවේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ වර්ජන අයිතිය ජාත්‍යන්තරව තහවුරු වෙයි: , ජාත්‍යන්තර අධිකරණය  ලබා දුන්  තීන්දුවෙන් ලෝක ශ්‍රමිකයන්ට ඓතිහාසික ජයක්!

Next Post

මැයි දින ප්‍රකාශයේ ආන්දෝලනය: ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විශේෂ ජනාධිපති කොමිසම හමුවට!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.