අසේල කුරුළුවංශ –
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අද (17) පස්වරුවේ දියේ ගිලී ඇති අතර, ඉන් තිදෙනෙක් මිය ගොස් ඇති බව තෙල්දෙණිය පොලීසිය පවසයි.
තෙල්දෙණිය, බඹරගල විහාරස්ථානය ආසන්න ප්රදේශයකින් මෙම පිරිස ජලාශයට බැස ඇති අතර, දියේ ගසාගෙන ගිය සිව් දෙනා අතරින් 14 හැවිරිදි පාසල් සිසුවෙකු බේරා ගැනීමට ප්රදේශවාසීන් සමත්ව තිබේ. බේරාගත් සිසුවා මේ වන විට තෙල්දෙණිය රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබයි.
මිය ගිය තරුණයින් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මුලින් හමුවූ අතර එක් තරුණයෙකුගේ සිරුරක් අතුරුදහන් වී තිබිණි. පසුව අද සවස් යාමයේ අතුරුදහන් වූ තරුණයාගේ සිරුරත් හමුවිය. ඒ නාවික හමුදාව ද එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුය.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ අලදෙණිය, වැරැල්ලගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන තරුණයින් තිදෙනෙකි..
තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්රපාලගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකය.







