බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු රටට කියා දී ගිය පාඩම… “යුක්තිය ඉටු වීම ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමය!”

by editor
මැයි 8, 2026
in සමාජ
KAPILA-CHAN
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගෙන තිබේ. කොළඹ, කොල්ලුපිටිය, පෙඩ්රිස් පටුමගේ අංක 38 දරන ඔහුගේ නිවස තුළ ගෙල වැලලාගෙන සිටියදී මොහුගේ සිරුර සොයාගන්නා ලදී. අද (2026 මැයි මස 08 )  දින පොලිසිය විසින් මෙම සිරුර සොයාගනු ලැබූ අතර මෙය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කරයි.

කපිල චන්ද්‍රසේන යනු  රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඉහළ තනතුරකට පත් වූ ව්‍යාපාරික නිලධාරියෙකි. රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත 2026 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. පසුව 2026 මැයි 05 වන දින කොළඹ අධිකරණය විසින් රුපියල් 500,000 ක මුදල් ඇපයක්, ශරීර ඇපකරුවන් තිදෙනෙකු සහ විදේශ ගමන් තහනමක් පනවමින් මොහුට ඇප ලබා දීමට තීරණය කරන ලදී. එහෙත් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් මුදල් ගෙවා වංචනික ලෙස ගෙන්වාගෙන ඇති බව අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගත්තේය. මුදල් ලබාගෙන ව්‍යාජ ලෙස ඇපකරුවන් වූ පුද්ගලයන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඔවුන් මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී.

ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණ විශ්වාසය කඩකිරීම හේතුවෙන් ඊයේ ( 2026 මැයි 07 )   දින අධිකරණය විසින් ඔහුගේ ඇප නියෝගය අවලංගු කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.   පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියදී,  අද ( 2026 මැයි මස 08 වන දින)  කපිල චන්ද්‍රසේන සිය නිවස තුළ මියගොස් සිටියදී හමු විය. කොළඹ, කොල්ලුපිටිය, පෙඩ්රිස් පටුමගේ අංක 38 දරන ඔහුගේ නිවස තුළ ගෙල වැලලාගෙන සිටියදී මොහුගේ සිරුර සොයාගන්නා ලදී.  මෙය සිය දිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක කළේය.

මේ එතැන් සිට කියන කතාවය.

එයාර් බස් ගනුදෙනුව

මේ වනවිට සිද්ධිය ලෝක අවධානයට යොමු වී ඇත.  සිය දිවි නසා ගැනීමේ පදනම් හේතුව ජාත්‍යාන්තර ගනුදෙනුවකදී සිදුවන  දූෂිත ක්‍රියාවලයකි. එම ගනුදෙනුව සිදුවන්නේ  ලෝකයේම විශාල අවධානයකට ලක්වන එයාර් බස් සමාගම සමගය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

2013 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණි. එම අවධියේදී ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරනු ලැබුවේ කපිල චන්ද්‍රසේන ය. මෙම ක්‍රියාවලිය යටතේ යුරෝපීය එයාර්බස් සමාගමෙන් නව ගුවන් යානා 10 ක් මිලදී ගැනීම සඳහා දැවැන්ත ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුමට එයාර්බස් A330-300 වර්ගයේ යානා 06 ක් සහ එයාර්බස් A350-900 වර්ගයේ යානා 04 ක් ඇතුළත් විය. මෙම සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් හෙවත් එවකට මුදල් අගය අනුව රුපියල් බිලියන 300 ක් පමණ වූ අතිවිශාල මුදලකි. මීට අමතරව තවත් ගුවන් යානා කිහිපයක් පසුව බදු පදනම මත ලබාගැනීමටද මෙහිදී සැලසුම් සකස් කර තිබුණි.

පසුව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ මෙම දැවැන්ත කොන්ත්‍රාත්තුව ලබාගැනීම වෙනුවෙන් එයාර්බස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අල්ලස් ලබා දී ඇති බවය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් යානාම තෝරාගන්නා බව තහවුරු කරගැනීම සඳහා සිදු කර ඇති මෙම නීති විරෝධී ගෙවීම්වල සමස්ත අගය ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක් ලෙස සාකච්ඡා වී තිබුණි.

මෙම මුදල් මාරු කිරීම සඳහා 2012 වසරේදී බෲනායි රාජ්‍යයේ ‘Biz Solutions Inc’ නමින් ව්‍යාජ සමාගමක් පිහිටුවා තිබුණි. මෙම සමාගම කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ නමින් ලියාපදිංචි කර තිබූ අතර 2013 දෙසැම්බර් මාසයේදී එයාර්බස් සමාගම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් (යුරෝ මිලියන 1.45 ක් පමණ) එම ව්‍යාජ සමාගමේ සිංගප්පූරු බැංකු ගිණුමකට බැර කර තිබුණි. පසුව එම මුදල් කපිල චන්ද්‍රසේනට සම්බන්ධ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමකට මාරු කර ඇති බවට තොරතුරු අනාවරණය විය.

මෙම දූෂණයේ තොරතුරු ලෝකයට අනාවරණය වූයේ 2020 වසරේදී බ්‍රිතාන්‍ය අධිකරණයක පැවති නඩු විභාගයකදීය. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අල්ලස් ලබාදුන් බවට එයාර්බස් සමාගම පිළිගත් අතර ඉන් පසුව ශ්‍රී ලංකාවේ බලධාරීන් මේ පිළිබඳව මුදල් විශුද්ධිකරණ විමර්ශන ආරම්භ කරන ලදී.

මෙම ගනුදෙනුව හේතුවෙන් ගුවන් සමාගමට සිදු වූ දැවැන්ත පාඩුවලට අමතරව, ඇතැම් ඇණවුම් අවලංගු කිරීමේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 116 කට අධික වන්දි මුදලක් ගෙවීමට ද රජයට සිදු විය.

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමේ කාලරාමුව සහ අධිකරණ ක්‍රියාවලිය

Kapila-Chandrasena
අත් අඩංගුවට පත් වූ කපිල චන්ද්‍රසේන

2020 වසරේ දී  බ්‍රිතාන්‍යයේ නඩුව ගොනුවන්නේ  Airbus සමාගමට එරෙහි පමණය.    කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නිසා ඔහුට එරෙහි සෘජුව දඬුවම් කිරීමට බ්‍රිතාන්‍යයට නීතිමය අධිකාරියක් නොතිබුණි.  එම අධිකාරිය තිබුණේ ශ්‍රී ලංකා රජයටය.

මේ තත්ත්වය තුළ කපිල  චන්ද්‍රසේන මෙම සිද්ධියට අදාළව ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී අත්අඩංගුවට පත් විය. පළමු අත්අඩංගුවට ගැනීම 2020 වසරේ පෙබරවාරි මාසයේදී සිදු විය. බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දුවෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිංගප්පූරුවෙන් බැංකු ලේඛන ලබාගැනීමෙන් අනතුරුව කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණි. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදා හරින ලදී.

දෙවන අත්අඩංගුවට ගැනීම සිදු වූයේ 2026 මාර්තු මස 12 වන දින ය. එයාර්බස් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවන ලදුව, එහි පැමිණි කපිල චන්ද්‍රසේනගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු එම ස්ථානයේදීම ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. එදිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණි. 2026 අප්‍රේල් 02, අප්‍රේල් 28 සහ මැයි 05 දක්වා අවස්ථා කිහිපයකදීම මොහුගේ රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ විය. ඒ විමර්ශනවලට බාධා වනු ඇතැයි අල්ලස් කොමිසම විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවය.

මාර්තු 19 අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව

2026 මාර්තු මස 19 වන දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශය පිළිබඳ  වැදගත් වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාවේ   දක්වා තිබුණේ  එයාර්බස් ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් තමන්ට ලැබුණේ යැයි ඔහු පිළිගත් බවය.

  • එම මුදලින් රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තමන් පුද්ගලිකවම භාර දුන් බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
  • එම රුපියල් මිලියන 60 ක මුදල රුපියල් මිලියන 20 බැගින් වූ වාරික තුනකින් ගෙවා ඇති බව ද ඔහු පවසා තිබුණි.
  • හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න වෙත රුපියල් මිලියන 20 ක මුදලක් ගෙවූ බවද ඔහු කපිල චන්ද්‍රසේන කීවේ යැයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේය.
  • මෙම මුදල් ගනුදෙනු හෝ ගිවිසුම් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගේ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ නම් ද කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශය තුළ විය.

අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ මෙය 2013 එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් මුදල් ඉහළ දේශපාලන පුද්ගලයන් සමඟ බෙදාගත් ආකාරය පිළිබඳව ඔහු ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් බවය.

බලපෑම් සහ මරණ තර්ජන කර  බිය වද්දා සාක්ෂි ලබා ගත් බවට වූ දිවුරුම් ප්‍රකාශය

කෙසේ වෙතත්, 2026 මාර්තු මස 19 වන දිනම (මාර්තු 18 දිනැතිව) කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් විසින් ඔහු අත්සන් කළ දිවුරුම් ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරන ලදී. එහිදී ඔහු සිය මුල් ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් පහත කරුණු ඉදිරිපත් කරන ලදී:

  • අල්ලස් කොමිසම වෙත ලබාදුන් ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
  • එම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ දැඩි බලපෑම්, බිය ගැන්වීම් සහ තර්ජනය කිරීම් මධ්‍යයේ බව ඔහු පවසා තිබුණි.
  • ප්‍රශ්න කිරීම් අතරතුරදී විමර්ශන නිලධාරීන් ඔහුව කිහිප වරක්ම ප්‍රකාශ සටහන් කරන කාමරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි.
  • අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන්ට තර්ජනය කරමින් බලපෑම් කළ බව ඔහු සඳහන් කළේය‍.
  • මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ සිය බිරිඳගේ නම් එම ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස ඔවුන් බල කළ බව ඔහු පැවසීය.
  • ඔහු එම දිවුරුම් ප්‍රකාශයෙන් පැවසුවේ ප්‍රශ්න කිරීම් සිදු වූ ඇතැම් අවස්ථාවලදී තමන්ගේ නීතිඥවරයා හමුවීමට තිබූ අවස්ථාවද අහුරා තිබුණු බවය.

අවසාන වශයෙන් මෙම පුද්ගලයන් මුදල් ලබාගත් බවට හෝ සිද්ධියට සම්බන්ධ බවට කළ ප්‍රකාශයන් සත්‍ය තොරතුරු නොවන බවත්, ඒවා තමන් පැවසුවේ දැඩි බිය නිසා බවත් ඔහු කියා සිටියේය.

මෙම සිදුවීමේ වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තමන්ට කළ බව කියන පුද්ගලික තර්ජනය පිළිබඳව කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කළ තොරතුරුය. දිවුරුම් ප්‍රකාශය සහ අධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඔහු සඳහන් කර තිබුණේ රංග දිසානායක තමන්ට මෙසේ පැවසූ බවය:

“මේ හා සමානම තවත් විමර්ශනයකට අදාළ සාක්ෂිකරුවෙකු දැනටමත් සියදිවි නසාගෙන තිබෙනවා. ඔබටත් ඒ දේම සිදුවිය හැකියි.”

අවසානයේ දී කපිල චන්ද්‍රසේනට ඒ දේම සිදුවිය. මේ තත්ත්වය දෛවෝපත ලෙස බරපතල නීතිමය තත්ත්වයක් ඇති කරනු ලබන්නේ  කපිල චන්ද්‍රසේන විසින් ජීවතුන් අතර සිටිය දී ලබා දුන් මෙම ප්‍රකාශය හරහා බව පෙනේ.

 

මරණයෙන් පසු… දැන් සිදුවනු ඇත්තේ කුමක් ද?

2026 මැයි 08 වන දින සිදු වූ කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණයත් සමඟ එයාර්බස් අල්ලස් සිද්ධියට අදාළ නීතිමය ක්‍රියාවලිය දැඩි වෙනසකට ලක්ව තිබේ.

  • නීතිමය වශයෙන් ගත්කල, ඔහුට එරෙහිව පැවති අපරාධ නඩු කටයුතු දැන් නිමාවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව, නඩුවක ප්‍රධාන විත්තිකරු මියගියහොත් ඔහුට එරෙහිව පවතින චෝදනා ස්වයංක්‍රීයවම අහෝසි වේ. ඒ අනුව ඔහුව යළි අත්අඩංගුවට ගැනීම සඳහා මැයි 07 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැක.
  • ව්‍යාජ ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියද, ඔවුන්ගේ කාර්යභාරය ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම පිළිබඳ අතුරු සිද්ධියකට පමණක් සීමා වේ.
  • කෙසේ වෙතත්, 2013 එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පවත්වනු ලබන පුළුල් විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වේ. ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ගෙවනු ලැබුවේද, එම මුදල් ව්‍යාජ සමාගම් හරහා සංසරණය වූයේ කෙසේද සහ ඉහළ පෙළේ දේශපාලනඥයන්ට ඉන් කොටසක් ලැබුණේද යන්න පිළිබඳ මූලික ප්‍රශ්න තවමත් විවෘතව පවතී.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත රුපියල් මිලියන 60 ක් සහ හිටපු අමාත්‍යවරයෙකුට රුපියල් මිලියන 20 ක් ගෙවූ බවට ඔහු අධිකරණයට කළ මුල් ප්‍රකාශයත්, එම ප්‍රකාශය තර්ජනය කර ලබාගත් එකක් බවට ඔහු පසුව ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයත් යන දෙකම තවදුරටත් අධිකරණ වාර්තාවල පවතී. කපිල චන්ද්‍රසේන ජීවතුන් අතර නොමැති වීම හේතුවෙන්, ඔහුගෙන් එම කරුණු පිළිබඳ හරස් ප්‍රශ්න ඇසීමට හෝ පැහැදිලි කිරීම් ලබා ගැනීමට නොහැකි වීම නිසා අල්ලස් විමර්ශනය මෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව පැවරිය හැකි නඩු ඔප්පු කිරීමද අතිශය දුෂ්කර වනු ඇත.

ප්‍රායෝගික බලපෑම සහ පැන නැගී ඇති ගැටලු

ප්‍රායෝගික මට්ටමින් ගත්කල, මෙම මරණය බරපතළ බලපෑම් කිහිපයක් ඇති කරයි. පළමුවෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම මහා පරිමාණ දූෂණ වංචාව පිළිබඳ සාක්ෂි දිය හැකිව සිටි ප්‍රධානතම සාක්ෂිකරුවා අහිමි වී තිබේ. විවෘත අධිකරණයේදී ඔහුගේ සාක්ෂි පරීක්ෂා කිරීමට තිබූ අවස්ථාව නීති අංශවලට අහිමි වීම සමස්ත නඩුවම දුර්වල වීමට හේතුවකි.

දෙවනුව, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තමන්ට තර්ජනය කළ බවට කපිල චන්ද්‍රසේන කළ හෙළිදරව්ව දැන් අතිශය තීරණාත්මක වී තිබේ. “තවත් සාක්ෂිකරුවෙකු දැනටමත් සියදිවි නසාගෙන ඇති බවත්, ඔබටත් ඒ දේම සිදුවිය හැකි බවත්” පවසමින් තමන්ට කළ බව කියන තර්ජනය හේතුවෙන්, සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ආකාරය පිළිබඳව බරපතළ සැකයක් මතු වේ. මෙය අල්ලස් මර්දන ආයතනය කෙරෙහි මහජන විවේචන එල්ල වීමටත්, විමර්ශනයට ලක්වන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩා හොඳ ක්‍රමවේදයන් ඉල්ලා සිටීමටත් මග පාදනු ඇත.

තෙවනුව, මෙම මරණය සිදු වූ කාලසීමාව (ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කර දිනකට පසුව) හේතුවෙන් මෙය පුද්ගලික තීරණයක්ද නැතහොත් ඔහු මුහුණ දුන් දැඩි පීඩනය නිසා සිදු වූවක්ද යන්න පිළිබඳව මේ වන විටත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

සමස්ත චිත්‍රය සහ යුක්තිය පසිඳලීමේ අභියෝග

සමස්තයක් ලෙස ගත්කල, බලගතු පුද්ගලයන් සම්බන්ධ පැරණි දූෂණ වංචා විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්ත අභියෝග මෙම නඩුව මගින් මනාව පැහැදිලි වේ. නඩු විභාගයක් ආරම්භ වීමට පෙර ප්‍රධාන පුද්ගලයන් මියගිය විට යුක්තිය ඉටු නොවූ බවට හැඟීමක් මහජනතාව තුළ ඇති වේ. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ශක්තිමත් නීතිවල අවශ්‍යතාවය මෙන්ම, ප්‍රශ්න කිරීම් සිදු කළ යුතු කාලසීමාව සහ එල්ල කළ හැකි පීඩනය පිළිබඳ පැහැදිලි නීති තිබීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය වේ.

මෙම ඛේදවාචකය දූෂණයට එරෙහි සටනට උදව්වක් වේද නැතහොත් බාධාවක් වේද යන්න තීරණය වන්නේ පොලිසිය මෙම මරණය පිළිබඳව කොතරම් අවංකව විමර්ශනය කරන්නේද යන්න සහ අල්ලස් කොමිසම එයාර්බස් විමර්ශනයේ ඉතිරි කොටස් කොතරම් සාධාරණව හසුරුවන්නේද යන්න මතය.

දැනට මෙම නඩුව අපට පසක් කර දෙන්නේ ප්‍රමාද වූ යුක්තිය යනු යුක්තිය ඉටු නොවීමක් බවය.  කපිල චන්ද්‍රසේන සිය දිවි නසාගෙන එය තහවුරු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකන් එයාර්ලයින්ස් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී!

Next Post

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.