රාජ්‍ය ආයතන සදහා තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයින් දස දහසකට ස්ථිර පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශය ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස් පැවසුවේ 2026 අය- වැය යෝජනා අංක 33-1.1 මගින් මෙම සේවක පිරිසට ස්ථිර පත්වීම් ලබා දීමට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ යෝජනාවකට අදාල විධි විධාන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාත් රාජ්‍ය පරිපාලන, පලාත් පාලන සහ පලාත් සභා ඇමතිවරයාත් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැති ලැබුණු බවය.
රාජ්‍ය සේවය, පලාත් රාජ්‍ය සේවය, ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථාවල සේවය සඳහා බඳවා ගත් තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්, ආදේශක හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයින් 9800කට ආසන්න ප්‍රමාණයකට මෙලෙස ස්ථිර පත්වීම් ලබා දීමට නියමිතය.
මෙම ප්රශ්නය වසර හතක් අටක් තිස්සේ නොවිසඳී තිබුණු ගැටලුවක් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය







