බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවයට ‘රිමෝට් වර්ක්’ (Remote Work) පහසුකම් – නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ!

by editor
අප්‍රේල් 27, 2026
in පුවත්
government-services_large
Share on FacebookShare on Twitter

මැද පෙරදිග කලාපයේ, විශේෂයෙන්ම 2026 පෙබරවාරි 28 වන දිනෙන් පසුව උද්ගත වූ යුදමය හා නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සලකා බලා, ශ්‍රී ලංකාව තුළ බලශක්ති කළමනාකරණය විධිමත් කිරීමට රජය තීරණය කර ඇත. මේ යටතේ ජාතික ඉන්ධන තොග මත ඇති වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා දුරස්ථ සේවා ක්‍රමවේදය (Remote Work) හෙවත් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදය හැකිතාක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් යුත්, රාජ්‍ය සේවය ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තීරණයකට අනුවය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ඩිජිටල් තාක්ෂණයන් භාවිත කරමින් රාජකාරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ නිර්දේශ ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර ඇත.

ඩිජිටල් තාක්ෂණ භාවිතය හා නීතිමය වලංගුතාවය –  රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මේ සම්බන්ධයෙන් මගපෙන්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අතුරු මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදනය කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව https://mode.gov.lk/docs/guidelines යන සබැඳියෙන් ඕනෑම නිලධාරියෙකුට බාගත කරගත හැකිය.

මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව සැකසීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව රජය අවධාරණය කිරීමයි. ඒ අනුව:

  • විධිමත්ව පරිලෝකනය (Scan) කරන ලද අත්සන් භාවිතය.

    RelatedPosts

    පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

    අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

  • ඩිජිටල් අත්සන් (Digital Signatures) භාවිතය.

  • රජයේ නිල ඉ-මේල් (Official Email) පද්ධතිය හරහා හුවමාරු වන තොරතුරු සහ අනුමැතීන්. යන සියල්ල වලංගු රාජ්‍ය ලේඛන ලෙස නීත්‍යානුකූලව පිළිගැනීමට තීරණය කර ඇත.

සන්නිවේදන මෙවලම් සහ ආරක්ෂාව –  මාර්ගගත රැස්වීම් සහ සාකච්ඡා සඳහා මීට පෙර කොවිඩ්-19 සමයේදී හඳුන්වා දුන් https://meet.gov.lk වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව ප්‍රාථමික සන්නිවේදන මෙවලම ලෙස භාවිත කළ යුතු බවට නිර්දේශ කර ඇත. එසේම අවශ්‍යතාවය පරිදි සෙසු වාණිජ වේදිකා (Zoom/Teams වැනි) ද සීමිත කාලසීමාවන් යටතේ භාවිත කළ හැකිය.

වත්මන් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මට සමගාමීව, රාජ්‍ය අංශයේ සේවා ප්‍රශස්තකරණය සඳහා නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකනු ලබයි. විශේෂයෙන්ම රාජකාරි තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව (Data Security) දැඩි ලෙස සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

චක්‍රලේඛය මගින් නිල දැනුම්දීම – මෙම නව මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 23 දිනැතිව අංක 02/2026 දරන චක්‍රලේඛය නිකුත් කර ඇත. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත්තේ සියලුම රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව වහාම දැනුවත් කර ක්‍රියාවෙහි යොදවන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

Next Post

කටපුංචා ඇදන් ගෑනුන්ට පාට් දැමූ අර්ජුනා 29 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.