ඇමෙරිකානු ජනධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමය පිළිගෙන ඇති ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වී තිබේ.
ජනාධිපති ට්‍රම්ප් සිය ට්රූත් සෝෂල් ගිණුම හරහා මෙම නිවේදනය කළේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර් සමග සාකච්ඡා කිරීමෙන් පසුව තමන් මෙම තීරණය ගත් බවයි.
“පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබුණු නිසාත්, ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් සහ ආරක්ෂිතව විවෘත කිරීමට එකඟ වූ නිසාත්, මම ඉරානය බෝම්බ හෙලීම දෙසතියකට අත්හිටුවමි,” ට්‍රම්ප් ලියා තිබුණි.
ශ්‍රි ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.32ට (ග්රීනිච් වේලාවෙන් රාත්‍රී 10.32ට) මෙම පණිවුඩය පළ වූ අතර, ට්‍රම්ප් ඉරානයට ලබා දී තිබූ අවසන් කාලය ඉක්ම යනන්ට පැය දෙකක් ති බියදී එය නිවේදනය කෙරුණි.
අල්ජසීරා වාර්තා කළ පරිදි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ
“ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් අපගේ ශක්තිමත් සන්නද්ධ හමුදා ආරක්ෂක මෙහෙයුම් නතර වේවි . දෙසතියක කාලයක් තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමන් මාර්ග සපයනු ඇත” යනුවෙනි.
ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ද මෙම යුද විරාමය දීර්ඝ කළ හැකි බවට සඳහන් කළේය.
මේ අතර පකිස්තානයේ ඉස්ලාමාබාද්හි දී ඉදිරියට සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ට්‍රම්ප්ගේ තර්ජන සහ ජයග්‍රහණයේ පණිවුඩය
ඊට පෙර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ඉතා බලවත් තර්ජනයක් නිකුත් කර තිබුණි. “මේ රාත්‍රියේ සමස්ත සංස්කෘතියක් මිය යනු ඇත. එය නැවත ගොඩනැගිය නොහැකි වනු ඇත,” ඔහු ලියා තිබුණි. නමුත් අන්තිම මොහොතේදී ඔහු තීරණය වෙනස් කළේය.
ට්‍රම්ප් මෙම ගිවිසුම “දෙපාර්ශ්ව යුද විරාමයක්” ලෙස හඳුන්වමින්, ඉරානයෙන් ලැබුණු කරුණ 10කින් සමන්විත යෝජනාවක් මත ගිවිසුමක් අත්සන් කිරීමට ඉදිරියේදී සාකච්ඡා කරන බවත් පැවසීය.
අල් ජසීරා වාර්තාකරු ඔසාමා බින් ජවේඩ් පවසන පරිදි, මෙම තීරණය මැදපෙරදිග කලාපයේ ඇති බොහෝ රටවලට සහ ලෝකයටම විශාල සහනයක් වනු ඇති බවයි. ඇත.මෙම යුද විරාමය දෙසතියකට සීමා වුවත්, ඉරානය සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සාම ගිවිසුමක් කෙරෙහි සාකච්ඡා ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරේ.







