බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුණ රණතුංගට සහ ධම්මික රණතුංගට අධිචෝදනා භාර දුන් නඩුවේ කතාව…

by editor
මාර්තු 23, 2026
in පුවත්
Arjuna-Dhammika
Share on FacebookShare on Twitter

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට   කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය.

ඉන් අනතුරුව  විත්තිකරුවන් මිලියන 5 බැඟින් වූ ශරිර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම  තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

2026 ජනවාරි 22 වන දින, කොළඹ මහාධිකරණයට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අයට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම චෝදනා පදනම් වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රුපියල් මිලියන 800 ක පමණ මුදල් අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, මෙම වංචාව සිදුව ඇත්තේ 2017 සහ 2018 වර්ෂවල මාස හයක කාලසීමාව තුළය. එකල ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග සහ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ධම්මික රණතුංග, මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා පැවති විනිවිදභාවයකින් යුත් දිගුකාලීන ටෙන්ඩර් තුනක් (03) හිතාමතාම අවලංගු කර ඇති බවට චෝදනා එල්ල විය.

එම දිගුකාලීන ටෙන්ඩර් වෙනුවට අතිවිශාල මිල ගණන් යටතේ හදිසි මිලදී ගැනීම් හෙවත් ‘ස්ථානීය ටෙන්ඩර්’ (Spot Tenders) 27ක් ක්‍රියාත්මක කරවීම හරහා රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මූල්‍ය අලාභයක් සිදුකර ඇති බව විමර්ශනවලදී තහවුරු වූයේය.

අධිකරණ ක්‍රියාවලිය සහ ඇප නියෝගය

මෙම මූල්‍ය අලාභය සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දෙන ලදී. ඉන් අනතුරුව විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

මෙහිදී අධිකරණය නියම කළ තවත් විශේෂ කොන්දේසියක් වන්නේ විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීම සහ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමයි. අර්ජුන රණතුංග මීට පෙර විදේශගතව සිටි අතර, ඔහු දිවයිනට පැමිණීමෙන් පසු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මීළඟ පියවර සහ පූර්ව නඩු විභාගය

නඩුවට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු කරමින්, කොළඹ මහාධිකරණය මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial Conference) ලබන මැයි මස 15 වනදා පැවැත්වීමට නියෝග කර ඇත. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කරන සාක්ෂි සහ ලේඛන සලකා බලා නඩු විභාගය ඉදිරියට ගෙනයන ආකාරය තීරණය කරනු ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මීට පෙර 2024 වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි අයෙකි.

ඒ අදූෂිත මිනිසා කොයිද?. ඉන්දියානු මාධ්‍ය එදා ඇසූ කතාව

ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා අර්ජුනය. අර්ජුනට මෙම චෝදනාව එල්ලවන අවස්ථාවේ ක්‍රිකට් ලෝලී රටවල් ද තිගැස්සුනේය. මේ  ප්‍රවෘත්තිය අන්තර්ජාතිකව කථිකාවට ලක් වුන ප්‍රවෘත්තියක් විය.

මේ සිද්දිය සම්බන්ධව පසුගිය වසරේ මැයි මස 16 වැනිදා එක්ස්ප්‍රස් නිවුස් මෙම පූර්ණ වාර්තාවක් සකස් කර තිබුණේ මෙම නඩුව  මින් පෙර කැඳවූ අවස්ථාවේ දී ය. එහිදී ධම්මික රණතුංග අත් අඩංගුවට පත් වුනේය. අර්ජුන හිටියේ විදේශගතවය.

ලෝකය  අර්ජුන රණතුංග හඳුනාගෙන තිබුණේ අදූෂිත මෙන්ම ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් ලෙසය.  දේශපාලනයට පිවිසුන ඒ පුද්ගලයා දූෂිත හොරෙක් ලෙස හංවඩු ගැසෙන ආකාරය එක්ස්ප්‍රස් නිව්ස් ද දුටුවේ කම්පනයෙනි.

2010 වසරේදී ඔහු වරක් සඳහන් කර තිබුණේ වාණිජ වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමෙන් තම මව තමන්ව වළක්වා ගත් ආකාරය පිළිබඳවයි. එකල ඔහු වෙළඳ දැන්වීම් තුනකට පමණක් දායක වී තිබූ අතර, ඒවාද මහ රෝහලකට අරමුදල් රැස් කිරීමට, පෝලියෝ මර්දන ව්‍යාපාරයකට සහ කසළ බැහැර කිරීමේ වැඩසටහනකට පමණක් සීමා විය. ඒ සියල්ල ඔහු සිදු කර තිබුණේ නොමිලේය.

අර්ජුනගේ දූෂිත චෝදනා සම්බන්ධ සටහන ඔවුන් අර්ජුන කී කතාවකින්   මෙසේ නිමා කර තිබිණි.

“මගේ පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් මට ලැබුණේ රුපියල් 250ක් පමණයි. මම තරඟයට ගියේ කෝච්චියෙන්. ඉන්පසුව ලිප්ටන් තේ සමාගම පැමිණ වෙළඳ දැන්වීමකට පෙනී සිටීම වෙනුවෙන් මට රුපියල් 250,000ක මුදලක් පිරිනැමීමට සූදානම් බව පැවසුවා. මම ඔවුන්ට කිව්වේ මගේ මව මුණගැසෙන ලෙසයි. එහිදී ඇය ඔවුන්ට පැවසුවේ ‘මගේ පුතා විකිණීමට නැහැ’ යනුවෙනි. එදා රාත්‍රියේ මම ඇඳේ වැතිර සිටියදී ඇය මා අසලින් වාඩි වී ඇය ගත් එම තීරණය ගැන පැහැදිලි කළා. ඇය එදා පැවසූ දේ මට අදටත් මතකයි: ‘පුතේ, මතක තබා

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බස් ගාස්තු 10%කින් වැඩිකිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට!

Next Post

බොරු කියන්නේ ඉරාන තානාපති ද? … ශ්‍රි ලංකා ජනාධිපති ද?… තානාපතිගේ හෙළිදරව්වෙන් ජනාධිපතිගේ ප්‍රකාශය අර්බුදයක!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.