බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඩොලර් බිලියන 267ක මන්නාරම් තෙල් සම්පත තවමත් පොළොව යට – ආයෝජකයෙකු නැතිව වසර 15ක් පමාවෙයි!

by editor
මාර්තු 21, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මන්නාරම් දෝණියේ ගවේෂණ බිම් කොටසෙන් සොයාගත්, ඇමරිකානු ඩොලර් බිලියන 267ක් පමණ වටිනා ස්වභාවික වායු සහ තෙල් නිධි සංවර්ධනය සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය මෙතෙක් සමත්ව නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෑතකදී නිකුත් කරන ලද වාර්ෂික විගණන වාර්තාවට අනුව, 2011 වසරේදී තහවුරු කරගත් මෙම සම්පත් ප්‍රයෝජනයට ගැනීමට මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැත. කෙසේ වෙතත්, 2025 වසරේ මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය අනුව මේ වන විට නව ආයෝජන කැඳවීමේ ක්‍රියාවලියක් (Reactivation phase) ආරම්භ වී ඇතැයි එම සමාගම කියයි.

කෙයාන් ලංකා සමාගමේ සොයාගැනීම්

මන්නාරම් දෝණියේ M-2 ගවේෂණ බිම් කොටසේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා 2007 වර්ෂයේදී තෝරාගත් ‘කෙයාන් ලංකා’ (Cairn Lanka) සමාගම 2011 වසරේදී ප්‍රධාන වායු නිධි දෙකක් සොයා ගැනීමට සමත් විය.

  • ඩොරාඩෝ (Dorado):  මෙය මන්නාරම් දෝණියේ මුහුදු පතුල මීටර් 1300ක් පමණ ගැඹුරේ පිහිටා ඇති නිධියකි. මෙහි ස්වභාවික වායු ඝන අඩි බිලියන 300ක් (300 BCF) පමණ ඇති බවට ගණන් බලා තිබේ. මෙය වාණිජමය වශයෙන් නිස්සාරණය කළහොත්  මෙගාවොට් 630ක බලාගාරයක් වසර 10ක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්ය.
  • බරකුඩා (Barracuda): මෙය ඩොරාඩෝ නිධියට වඩා විශාල මෙන්ම සංකීර්ණ නිධියකි. මෙහි ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 1.8ක් (1.8 TCF) පමණ ඇති බව සොයාගෙන ඇත. මෙය ඩොරාඩෝ නිධියට වඩා ගැඹුරු මුහුදේ පිහිටා තිබේ..

මන්නාරම් දෝණියේ M-2 බිම් කොටසේ කැණීම් සිදුකර මෙම වායු නිධි දෙකම සොයාගනු ලැබුවේ කෙයාන් ලංකා (Cairn Lanka) සමාගම මෙම කැනීමත් සිදුකළේය. මෙය ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ බලශක්ති සමාගමක් වන කෙයාන් ඉන්ඩියා (Cairn India) සමාගමට අනුබද්ධිත ආයතනයකි. සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැය කර ළිං 04ක් කණින ලද  නමුත්, එවකට පැවති අඩු තෙල් මිල සහ ඉහළ නිස්සාරණ පිරිවැය හේතුවෙන් 2015 වසරේදී එම බිම් කොටස අතහැර දැමිනි.

මිලියන 46ක් වැය කළ උපදේශන සේවය

ආයෝජකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ අලෙවිකරණ උපදේශන සහාය ලබා ගැනීමට 2016 වසරේදී විදේශීය සමාගමක් පත් කර තිබුණි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46.61 ක මුදලක් බලශක්ති අමාත්‍යාංශය වැය කළද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත්වී නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මන්නාරම් දෝණියේ ස්වාභාවික වායු සහ බොරතෙල් විභවය පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණය

දැනට සිදුකර ඇති විද්‍යාත්මක ගවේෂණවලට අනුව මන්නාරම් දෝණියේ M-2 බිම් කොටස තුළ ප්‍රධාන වශයෙන්ම තහවුරු වී ඇත්තේ ස්වාභාවික වායු (Natural Gas) නිධි පවතින බවය.

2011 වසරේදී ‘කෙයාන් ලංකා’ සමාගම විසින් සිදුකළ කැණීම්වලදී ‘ඩොරාඩෝ’ සහ ‘බරකුඩා’ යනුවෙන් නම් කළ නිධි දෙක තුළ වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි දැවැන්ත වායු තොග පවතින බව සහතික කරන ලදී. මෙහිදී ඩොරාඩෝ නිධිය තුළ වායු ඝන අඩි බිලියන 300ක් සහ බරකුඩා නිධිය තුළ වායු ඝන අඩි ට්‍රිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙම සොයාගැනීම මගින් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට අවශ්‍ය පදනම වැටුණි.

එමෙන්ම  මෙම කලාපය තුළ ස්වාභාවික වායුවලට අමතරව බොරතෙල් (Crude Oil) තිබීමේ ප්‍රබල හැකියාවක් පවතින බව භූ විද්‍යාත්මක දත්ත මගින් තහවුරු වේ.

මන්නාරම් දෝණිය සතු හයිඩ්‍රොකාබන් පද්ධතියේ (Hydrocarbon System) ස්වභාවය අනුව, වායු නිධි පවතින ස්තරවලට මඳක් ඉහළින් හෝ පහළින් බොරතෙල් තැන්පතු පැවතීම සාමාන්‍ය විද්‍යාත්මක සංසිද්ධියකි. විශේෂයෙන්ම ඩොරාඩෝ සහ බරකුඩා ළිං ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණවලදී ස්වාභාවික වායුවලට අමතරව ‘කොන්ඩෙන්සේට්’ (Condensates) හෙවත් ඉතා සැහැල්ලු දියරමය තෙල් වර්ගයක් හමු විය. බොරතෙල්වලට සමාන ගුණාංග සහිත මෙම දියරමය තෙල් වර්ගය ඉතා ඉහළ මිලක් සහිතය. මෙම තෙල්වර්ගය  හමුවීම මගින් තහවුරු වන්නේ, මීට වඩා ගැඹුරු ස්තරවල ඝන බොරතෙල් නිධි පැවතීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවය.

සාගර පත්ලක මෙවැනි නිධි පිහිටීමේදී බොහෝ විට ස්තර දෙකක් හෝ කිහිපයක් ලෙස ඒවා සැකසී පවතී.

සාමාන්‍යයෙන් ඝනත්වය අඩු ස්වාභාවික වායු ස්තරය ඉහළින් පිහිටන අතර, ඊට පහළින් දියරමය බොරතෙල් ස්තරය පිහිටීමට වැඩි ඉඩක් ඇත. 2011 දී සිදුකළ කැණීම් මගින් වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණේ වායු නිධි වෙත වුවද, රජයේ නවතම ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ මන්නාරම් දෝණිය තුළ බොරතෙල් බැරල් බිලියන 5ක් පමණ සැඟව තිබිය හැකි බවය.

මෙම තෙල් නිධි නිවැරදිව හඳුනාගෙන ඒවා මතුපිටට ලබා ගැනීමට නම්, දැනට සොයාගෙන ඇති මට්ටමට වඩා ගැඹුරු ස්තර කරා යන ‘ඇගයීම් ළිං’ (Appraisal wells) කැණීම අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා නව තාක්ෂණය සහ දැවැන්ත ප්‍රාග්ධනය සහිත ජාත්‍යන්තර ආයෝජකයෙකුගේ දායකත්වය ශ්‍රී ලංකාවට මේ මොහොතේ තීරණාත්මක වී තිබේ. ආයෝජන විශ්වාසය තහවුරු කිරීම සඳහා 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්වාධීන නියාමන ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇත.

වර්තමානයේදී M-2 බිම් කොටස ඇතුළු කොටස් 4ක් සඳහා නව බලපත්‍ර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ගෝලීය තෙල් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා අලෙවිකරණ උපදේශකයෙකු පත් කිරීමටද රජය පියවර ගනිමින් සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමරිකාවට අවි අලෙවිය ස්විට්සර්ලන්තය වහාම නවත්වයි: හේතුව මෙන්න!

Next Post

මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් අහස උසට නගී!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.