දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ ටී-56 ඇතුළු ගිනි අවි තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ ඊට සහාය වූ තවත් යාත්‍රාවක් දික්ඕවිට වරාය වෙත අද (12) රැගෙන එනු ලැබීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, අදාළ යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් ගිනි අවි සහ මත්ද්‍රව්‍ය
පළමු යාත්‍රාව පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ මාරක අවි රැසක් හමුවී ඇත. නාවික හමුදා වාර්තාවලට අනුව එහි තිබී සොයාගත් දෑ මෙසේය:
- ටී-56 (T-56) වර්ගයේ ගිනි අවි
- එම්-16 (M-16) වර්ගයේ ගිනි අවි
- පිස්තෝල 08ක් සහ ඊට අදාළ මැගසින්
- මත්ද්‍රව්‍ය බහාලූ උර තොගයක්
මෙහෙයුමේ පසුබිම
බුද්ධි තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක විය. පෙරේදා දිනයේදී ප්‍රධාන ජාවාරම් යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර, ඊට සහාය දැක්වූ දෙවන ධීවර යාත්‍රාව ඊයේ (11) දිනයේදී නාවික හමුදා දැලට හසු විය.







