දිනසේන රතුගමගේ –
යාපනය මාදගල් මුහුදු තීරයේදී රුපියල් කෝටි 20කට වඩා අධික වටිනාකමකින් යුත් රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 9 වනදා සිදුවූ මෙම මෙහෙයුමේදී, ධීවරයින් ලෙස පෙනී සිටිමින් බෝට්ටුවක ආධාරයෙන් රන් කැබලි ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට පත්විය. අත්අඩංගුවට ගත් රන් කැබලි තොගයේ බර කිලෝ ග්රෑම් 6යි ග්රෑම් 85ක් ලෙස වාර්තා වේ.
ජාවාරමේ සැලසුම
සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මෙම රන් තොගය මුහුද මැදදී වෙනත් බෝට්ටුවකට භාර දීමට සැලසුම් කර තිබූ බවය. තමන් මෙම රන් තොගයේ අයිතිකරුවන් නොවන බවත්, හුදෙක් මුදලට ප්රවාහනය කරන්නන් (Carriers) පමණක් බවත් ඔවුන් ප්රකාශ කර ඇත.
සැකකරුවන් සහ රන් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කසන්තුරේ රේගු බලධාරීන් වෙත භාර දී තිබේ.







