බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි ඉරාන නැව – IRIS Bushehr ඉරාන  නෞකාවට ශ්‍රී ලංකා වරාය ප්‍රවේශයට ඉඩදීම පිළිබඳ ජනාධිපතිවරයා කී කතාව…

by editor
මාර්තු 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට විපක්ෂය විසින් බරපතල ප්‍රශ්න රැසක් මතු කරමින් ඇති  IRIS Bushehr ඉරාන  නෞකාවට ශ්‍රී ලංකා වරාය ප්‍රවේශයක් සඳහා ඉඩ දීම සම්බන්ධව ජනාධිපතිවරයා ඊයේ (05)  වැදගත් ප්‍රකාශයක් කරනු ලැබුවේය.

ඊයේ (05) රාත්‍රියේ මාධ්‍ය කැඳවා සිදුකළ එම ප්‍රකාශයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ මෙම නෞකා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ භාවය අනුගමනය කරමින් මනුෂ්‍යත්ව ආරක්ෂා කරගැනීම අංක එකට තබා රාජ්‍ය  තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකර ඇති බවය.

ඉන්දියාවේ විශාකාප්ට්ටනම්හි පැවති යුද අභ්‍යාසයක් සඳහා සහභාගී වූ   IRIS Bushehr නෞකාවට ශ්‍රී ලංකා වරාය ප්‍රවේශයකට ඉඩ ලබා දෙන්නේ රටේ ජනතාව සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව අංක එකට තබා සැලකීමෙන් අනතුරුව    රාජ්‍ය තාන්ත්‍රිකව සියලු රාජ්‍ය සමග සාකච්ඡා පවත්වමින් ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අනුකූලව සිදුකළ මැදිහත්වීමක් ලෙස බව ජනාධිපතිවරයා පැවසුවේය.

මෙම  නෞකාවේ සිටින 208 දෙනා ගොඩබමිමට රැගෙන විත් වැලිසර නාවික කඳවුරේ නවාතැන් සැපයීමටත්, නෞකාව ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන ගොස් තැබීමටත් කටයුතු කරන බව  කී ජනාධිපතිවරයා රාජ්‍යයක් ලෙස මෙම  මානුෂික වගකීම ගැනීම මේ අවස්ථාවේ දී කළ යුතු බව පෙන්වා දුන්නේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථ භාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකට තියනවා. ඒ නිසා අපි කිසසේත්ම පැකිලෙන්නේ නෑ මනුෂ්‍යත්වය ආරක්ෂා  කරගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කරගනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තියනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනිමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ

“මා හිතනවා එය තමයි රාජ්‍යයකට ගත හැකි හොඳම ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ ඉඳගෙන අප කටයුතු කරනවා. “ ජනාධිපතිවරයා පැවසුවේය. යම් හේතුවක් මත මෙම නෞකාවට ප්‍රහාරයක් එල්ල කළහොත් ඇති විය හැකි තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය  විමසූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා පැහැදිලිවම මෙසේ පැවසුවේය.

“අප යුද්ධයට මැදිහත් වූ පාර්ශවයක් නොවේ. මේ නැව තියෙන්නේ අපේ භාරයේ. ඒ නිසා ජාත්‍යාන්තරයේ යුද්ධයට සම්බන්ධ වූ සෑම පාර්ශවයක්ම මා හිතනවා අවධානයෙන් කටයුතු කරයි කියලා.  එහෙම කටයුතු නොකරන ලෝකයක් නම්  ඒ ලෝකය තව දුරටත් සම්මුතීන් ප්‍රඥප්තීන්ගෙන් එකඟතාවයන්ගෙන් පලක් නෑ. ඒ නිසා අපට විශ්වාසයක් තිබෙනවා එහෙම දෙයක් නොවන බවට.”

ජනාධිපති අනුර කුමාර දිසානාය ඊයේ කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි.

ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, කරනු ලැබු ප්‍රකාශ මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තිබෙනවා. ඒ අනුව තමයි ඉරානයේ නෞකා දෙකක් පිළිබඳ මේ ප්‍රශ්නය මතු වී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවයයි. ඒ වගේම අපි ජාතියක් ලෙස, රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකට තබනවා. අපි මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයක් පවත්වා ගත යුතු හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරනවා.

පසුගිය 26 වන දා ඉරානය විසින් නාවික යාත්‍රා 03ක් මාර්තු 09 සිට 13 දක්වා දින 04 තුළදී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අපේ වරායට ප්‍රවිශ්ට වීම සඳහා අවසර ඉල්ලා සිටියා. එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් කියලා. අපි සොයා බලන විට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ, ඉන් ඔබ්බෙන් තමයි රැඳි සිටියේ. ඔබ කවුරුත් දන්නවා සහයෝගීතා සංචාරයක් ඒ අන්දමින් සිදු වන්නේ නැහැ. ඒකට අවශ්‍ය විශාල ක්‍රියාපරිපාටි තිබෙනවා. ඒ නිසා අපි එම  ක්‍රියාපරිපාටි අධ්‍යයනය කරමින් සිටියා, ඒ අතරතුර 27 වන දා අපිට වාර්තා කළා අද දින අපේ භාරයට අරන් තිබෙන නෞකාවේ එක් නාවිකයෙකු යම් ආපදාවකට ලක් වී තිබෙන බව. ඒ නිසා අපෙන් ඉල්ලා සිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතා සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස. ඒ අනුව, අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී ආබාධයට ලක් වූ කෙනා සහ ඔහුට රැකවරණය දෙන නිලධාරියා යන දෙදෙනාම ගොඩබිමට ගෙනැවිත් අවශ්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා.

මේ අතරතුර, මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා. ඒ අනුව ආපේ නාවික හමුදාව සහ විශේෂයෙන් ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුමේදී අපි මධ්‍යස්ථයි වගේම මානවවාදි බව කිව යුතුයි. ඒ අනුව, අපේ හමුදාව ක්ෂණිකව මැදිහත් වීමෙන් පුද්ගලයන් 32ක් මුදවා ගැනීමේ හැකියාව ලැබුණා. මළ සිරුරු 84ක්ද හමු වුණා.  අපි මළ සිරුරු 84ත්, තුවාල ලැබූ පුද්ගලයන් තිස් දෙදෙනාත් ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දෙවනුව, මෙම සාකච්ඡාවට බඳුන් වන IRIS Bushehr නෞකාව මාර්තු 04 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කළා මාර්තු 04 සහ 05 කියන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවස්ථාව ලබා දෙන්න කියලා.

අපි සාකච්ඡා කරමින් සිටියා කළ යුතු වන්නේ කුමක්ද කියලා, අපේ විදෙස් ඇමතිතුමා, ඉරාන විදෙස් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම, තානාපති කාර්යාලය අපේ විදෙස් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටියා.

අනතුරුව, ඔවුන් දන්වා සිටියා ඔවුන්ගේ එක් එංජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. එහිදී අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියා. අපේ ජාතික ජල තීරය තුළ අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් එය නාවික යාත්‍රාවක්. යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්.  මධ්‍යස්ථ රාජ්‍යයක් එවැනි නෞකාවක් පිළිබඳව කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද? ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය, 1907 හේග් සම්මුතිය. මේ ආදී සම්මුතිවලින් අපට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුයි. මධ්‍යස්ථ රාජ්‍යයක්, එක් පාර්ශ්වයක නෞකාවක්, අපේ වරායන් සඳහා ඒමට කරන ඉල්ලීමක්. එය අප සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුවයි.

එ’නිසා කලබලයට කළ හැකි දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අප දෙපාර්ශ්වය අතර අවබෝධයකට පැමිණිය යුතුයි. අප දෙපාර්ශ්වය අතර එකගතාවකට ආ යුතුයි. එ’නිසා එම නෞකාවේ කපිතාන් සහ අපේ නාවික හමුදාවේ නිලධාරීන් සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල නිරත වුණා. විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට ප්‍රවිශ්ට වුණා. එම නිසා ඒ සාකච්ඡාවලින් අනතුරුව අපේ යෝජනාව වූයේ මෙම පිරිසත්, මෙම නෞකාවත් අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි. ඒ සඳහා සාකච්ඡා කර ගත යුතු වන්නේ අප අතර ඇති එකඟතා සහ සම්මුතීන් පිළිබඳවයි. ඒ අනුව, නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහාත්, ඒ වගේම නෞකාව ස්ථානගත කරන්නේ කොතනද යන්න පිළිබදවත් පොදු එකඟතාවකට ආවා. කොළඹ වරාය ආසන්නයේ මෙම නෞකාව තිබුණත්, කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරායයි. එවැනි නෞකාවක් ප්‍රධාන වාණිජ වරාය තුළ රඳවා තබා ගැනීම අපේ නාවික කර්මාන්තයට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.

එ’නිසා අපි තීරණය කළා එම නෞකාව කොළඹ වරායට රැගෙන එන්නේ නැතිව ත්‍රිකුණාමලය වරායට රැගෙන එනවා කියලා. හැබැයි, ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්න කලින්, එහි සිටින පිරිස අපි කොළඹ වරායට ළඟා කර ගන්න කැමතියි, ඒ අනුව අපේ නාවික යාත්‍රාව එම යාත්‍රාව සමීපයට ගොස් මේ වන විට ඔවුන් මුදවා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා. දැනට වාර්තා වී තිබෙන ආකාරයට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර තිබෙනවා. ඒ අතර නිලධාරීන් 53  දෙනෙක් සිටිනවා. කැඩෙට් නිලධාරීන් 84ක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් සිටිනවා. මේ පිරිස අපේ නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව, එම නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව එම නෞකාවත් ත්‍රිකාණාමලය වරායට රැගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යෑමට අපි උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසුවයි. එනිසා අපි ඉතා පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයකට යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.

අපි ස්වෛරී රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රජයක් හැටියට අපේ මුහුද පිළිබදව වගකීමක් තිබෙනවා. අපේ රාජ්‍යය පිළිබඳව වගකීමක් තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි.  අපේ ජනතාව, අපේ මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් කර තීන්දු තීරණ ගත යුතු නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය ප්‍රමුඛතාවයේ තබාගෙනයි. එ’නිසා මොන අඬහැරයන් එළියේ තිබුණත්, මොන බලපෑම් තිබුණත් ඒ කිසිවකට අපි කලබල වන්නේ නැහැ.

අපේ ස්ථාවරය බවට පත් වුණේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන, අපේ මානවවාදය ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මිය යා යුතුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍යයක් විදිහට අපේ ප්‍රවේශය බවට පත් වන්නේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය  තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීමයි. අපි මේ තීන්දු තිරණ ගත්තේ ඒ අනුවයි. මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාගේම කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි.  මිනිසුන් මිය යනවා, විශාල ආර්ථික කුණාටුවකට හඹා යෑමේ අනතුරක් තිබෙනවා.

යුද්ධය නිසා මුළු සමාජ දේහයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. එ’නිසා අද ලෝකයට ක්ෂණිකව අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එ’නිසා අපි සියලු පාර්ශ්වයන්ගෙන් සාමය වෙනුවෙන් කැපවීම පෙන්නුම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. එහිදී ගන්නා සෑම පියවරකටම රාජ්‍යයක් ලෙස අපේ සහාය ලබා දෙන්න ලෑස්තියි. අප මේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුවයි. මා දැක්කා,  අද දවස පුරාම ඉතාම අසත්‍ය, අතාර්කික කරුණු, ඇතැම් ඒවා චෝදනා මුඛයෙන්, ඇතැම් ඒවා විවේචනාත්මකව සහ බිය වැද්ද වීම වැනි විශාල සාකච්ඡාවක් තිබුණා. ඒ සියල්ල මධ්‍යයේ රජයක් වශයෙන් අපේ රටේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සම්මුතින්වලට අපේ කැපවීම පෙන්නුම් කරන අන්දමින් අපේ මැදිහත් වීම කරනු ලැබුවා.

ඒ මැදිහත් වීම අපි දැන් සිදු කරමින් සිටිනවා. රාජ්‍යයක් විදිහට අපි ගත යුතු ඉතාමත් නිර්භීත මෙන්ම මානවවාදී ක්‍රියාමාර්ගය එය බව අපි විශ්වාස කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිය ගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇරඹෙයි…

Next Post

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම නිල වශයෙන් ඇරඹේ: අනුප්‍රාප්තික සමාගම් 6ක් සඳහා ගැසට් නිවේදනය නිකුත් වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.