දිනසේන රතුගමගේ –
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව මාර්තු මස 6 වෙනිදා සිට ආරම්භ කෙරෙන බව සුබම් නැව් සමාගමේ අධ්‍යක්ෂ ජයසීලන් පැවසීය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ක්‍රියාත්මක වූ මගී නැව් සේවාව පසුගිය නොවැම්බර් මස 27 වෙනිදා සිට නවතා දමා තිබුණි.
මේ වන විට උතුරු මුහුදේ තත්ත්වය යථා තත්ත්වයට පත් වී ඇති නිසා මගී නැව් සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.
නැව් සේවාව නවතා දමන ලද දිනයේ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත් මගීන්ට ඒවා අලුත් කර ගැනීමට හෝ ආපසු මුදල් ලබා ගැනීමට හැකි බවද සුබම් නැව් සමාගම දන්වා සිටියේය.







