බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ඩතිව් දූපතේ යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර කරන  පරිසර වේදීහු ඉල්ලති!

by editor
පෙබරවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අනිවාර්ය පාරිසරික අනුමැතිය ලබාගෙන නොමැති බව පවසමින්, මන්ඩතිව් දූපතේ යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස පරිසරවේදිහු ඉල්ලා සිටිති. තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්  වනජීවී හා ස්වභාව ආරක්ෂක   සංගමය සඳහන් කරන්නේ, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ අවශ්‍ය  ව්‍යවස්ථාපිත අවසරයන් ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇති බවය

මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමත කරන ලද මූලික පාරිසරික පරීක්ෂණයක් හෝ පාරිසරික බලපෑම් ඇගයීමක් (සිදු කර නොමැති වුවද, දැනටමත් එම ස්ථානයේ පස් කපන යන්ත්‍ර ක්‍රියාත්මක වන බවත් ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් එම සංගමය පවසයි.

එම සංගමයට අනුව, පූර්ව පාරිසරික අනුමැතියකින් තොරව මෙවැනි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නීතිය උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව අදාළ නියාමන බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළද, ව්‍යාපෘතිය නැවැත්වීමට මෙතෙක් ස්ථිර පියවරක් ගෙන නොමැති බවද ඔවුහු පවසති.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මන්ඩතිව් දූපත යනු ලුණු වගුරු බිම්, මඩ වගුරු, කඩොලාන, මුහුදු තණබිම් සහ වෙරළබඩ තෙත් බිම්වලින් සමන්විත පාරිසරික වශයෙන් ඉතා සංවේදී ප්‍රදේශයක් බවයි. යෝජිත ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ මන්ඩතිව් කඩොලාන රක්ෂිත වනාන්තරය ආසන්නයේ සහ ප්‍රාදේශීය සැලසුම් රාමුව යටතේ අතිශය සංවේදී යැයි සැලකෙන ප්‍රදේශයකය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තවද, මන්ඩතිව් දූපත වැසි කාලවලදී ස්වභාවික ගංවතුර රඳවා ගැනීමේ කලාපයක් ලෙස ක්‍රියා කරන බවත්, මහා පරිමාණ ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර අවදානම වැඩි වී ස්වභාවික වෙරළ ආරක්ෂණය දුර්වල විය හැකි බවත් එම සංගමය අනතුරු අඟවයි. එමෙන්ම කඩොලාන සහ මුහුදු තණබිම් පද්ධතීන් මත යැපෙන ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට මෙයින් එල්ල විය හැකි බලපෑම පිළිබඳවද ඔවුහු කනස්සල්ල පළ කරති.

වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පාරිසරික රීති බලාත්මක කරන ලෙසත්, සංවර්ධන ව්‍යාපෘති නීතිමය සහ තිරසාර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරන ලෙසත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 දෙවිනුවරදී මාළු වෙළෙන්දෙකු වෙඩි තබා ඝාතනය කෙරේ…. තුවාලකරු රෝහලේදී මියයයි!

Next Post

අකුරේගොඩ ද්විත්ව මිනීමැරුම කළ ඝාතකයෙක් අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.