ලලිත් චාමින්ද –
ලිට්‍රෝගෑස් ලංකා සමාගම සතුව දැනට සීමිත ගබඩා පහසුකම් පැවතිම හේතුවෙන් එක්වරම ගෑස් විශාල ප්‍රමාණයක් මිලදි ගැනීමට හැකියාවක් නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් ගෝලීය වෙළදපොළෙන් අඩුමිලකට ගෑස් මිලදි ගැනිමේ වාසිය ලබාගැනිමේ හැකියාව සමාගම සතුව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව කෙරවලපිටිය ගබඩා සංකීර්ණය තුළ ගෑස් මෙට්‍රික්ටොන් 8000ක් පමණක් ගබඩා කිරිම සඳහා ගබඩා පහසුකම් පවති.
මාබිම් ගබඩා සංකීර්ණය තුළ ගබඩා කළ හැකිවන්නේ ගෑස් මෙට්‍රික්ටොන් 400කි. ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවෙන් මිලදී ගනු ලබන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මාබිම ගබඩා සංකිර්ණය තුළ ගබඩාකරණු ලබන අතර මෙම ගෑස් කර්මාන්ත අංශයට නිදහස් කරණු ලබයි.
එමෙන්ම ගෑස් සමාගම සතුව සීමිත බෝයා පහසුකම් පැවතිම හේතුවෙන් අඩුමිලකට මහාපරිමානයෙන් ගෑස් මිලදි ගැනීමට ඇති හැකියාව සීමිත බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ගබඩා ධාරිතාවය පුළුල්කිරිම සඳහා වු ක්‍රියාවලිය දැනටමත් ආරම්භකොට ඇති බැව් ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් විගණනයට සදහන්කොට ඇත. වර්තමානයේ ශඛ්‍යතා අධ්‍යයනය සඳහා උපදේශකවරුන් තෝරාගැනිම සඳහා වු ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙහි නිරතවන බවද ගෑස් සමාගම විසින් විගණනයට සඳහන් කොට තිබේ.







