ලලිත් චාමින්ද –
අද අළුයම (20) පුද්ගලයෙක් විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ තියබරාහේන හප්පිටිය නෙළුව ලිපිනයේ පදිංචි කාන්තාවකි.
සැමියා නිවසට යනවිට සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සිට ඇති අතර මේ නිසා දෙදෙනා අතර ඇතිවු බහින් බස් විමක් ඇති වී තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඉන් පසු සැමියා විසින් සිය බිරිඳගේ ගෙල වෙන්ව යන ලෙස කපා ඝාතනය කොට ඇත. පසුව ඔහු පොලිසියට බාර වූ බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මහේස්ත්රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. නෙළුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.







