සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 ගැන සෙවීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා අස්වුන හේතුව වරාය ඇමති පාර්ලමේන්තුවට කියයි!

by editor
පෙබරවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අනිවාර්ය භෞතික පරීක්ෂණයකට ලක් කළ යුතු කන්ටේනර් 323ක් නිසි පිරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාව විමර්ශනයට  පත් කළ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමා ඉල්ලා අස් වන්නේ  මෙම විමර්ශනයේ සුජාත භාවය සම්බන්ධව පුංචි හෝ සැකයක් ඇතිවීම වැලැක්වීමේ අභිලාෂයෙන් බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය වන වකවානුව තුළ තමන් අදාල අමාත්‍ය ධූරය නොදැරුව ද මේ ඉල්ලා අස්වීම නිසා සිදුවන විමර්ශන සම්බන්ධව  පුංචි හෝ සැකයක් ඇතිවීම වැළැක්වෙනු ඇතැයි ද ඇමතිවරයා පැවසුවේය.

අනතුරුව ඔහු තම ඉල්ලා අස්වීම සභාගත කරමින් මෙසේ කීවේය.

“කන්ටේනර් 323 ගැන සෙවීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වීම සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කරන්න මම අවසර ඉල්ලනවා.  කන්ටේනර් බහාලුම් නිදහස් කිරීම හා ඒ සම්බන්ධ කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුව විසින්. “

“ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණයෙන්ම මුදල් අමාත්‍යාංශය හරහා.”

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මම වරාය විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු නොකළා වුනත් සමහර වෙලාවට මේ විශේෂ තේරීම් කාරක සභාවට සහභාගී වීම කෙනෙකුට අර්ථ දක්වන්න පුලුවන් ලබැඳියාවන් අතර ගැටුමක් ඇති වනවා කියලා.”

“ඒ වගේම මේ සභාවේ ක්‍රියාවලියෙන් ඇතිවන තත්ත්වය කිසියම් කෙනෙකුට දුර්වර්ණ කිරීම සඳහා මා ඒ තේරීම් කාරක සභාවේ කටයුතු කිරීම   භාවිතා කරන්න පුලුවන්.”

“ඒ වගේම ඒ මතුවන සත්‍යයේ සුජාත භාවය කිසියම් කෙනෙක් විසින් ප්‍රශ්න කරන්න පුලුවන්. ඒ නිසා මම ඒ තේරීම් කාරක සභාවෙන්  ඉල්ලා අස් වෙන්න තීරණය කළා. “

“ඒ ඉල්ලා අස්වීම සම්බන්ධව ලිපිය සභාගත කරනවා”.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක  ඉවත් වීමෙන් අනතුරුව  එම  පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පත් කර තිබේ.

Share69Tweet43
Previous Post

“මේ දුම්රිය රියදුරන්ගේ මානසිකත්වය හිතා ගන්න බෑ…” ප්‍රවාහන අපහසුවට පත් සාපෙළ දරුවන්ගෙන් බිමල් සමාව ඉල්ලයි….

Next Post

වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්න නිදහසට කරුණු දක්වන්න කල් ඉල්ලයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.