දිනසේන රතුගමගේ –
ඊයේ (05) සවස එල්ල වූ බඹර ප්‍රහාරයක් නිසා කිළිනොච්චිය මහා විද්‍යාලයේ සිසුන් 39 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
විද්‍යාලයේ බිත්තියක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා සිසුන් සියයකට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයට ලක් වී ඇති නමුත් ඉන් වැඩි බලපෑමකට ලක් වීම නිසා මෙම සිසුන් 39 දෙනා රෝහල්ගත කළ බව පාසල් ආරංචි මාර්ග පැවසුවේය.
රෝහල් ගත කොට සිටින සිසුන්ගෙන් දෙදෙනෙකු සිහි විසඥ තත්ත්වයෙන් පසුව තිබිණි. සිසුන් 12 ක්ට පමණ ඊයේ රාත්‍රි කාලය වනවිට නිවෙස්වලට යා හැකි මට්ටමකට සුවය ලබා සිටියේය.
බඹරුන් දෂ්ට කිරීමෙන් පසුව පාසල වසා දමා කුඩා සිසුන් ඔවුන්ගේ දෙමව්පියන් වෙත බාර දුන් බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් නිවෙස් වලට යැවූ බවත් කී එම ගුරුවරයා මෙම පාස ලේ සිසුන්ට බඹරුන් දෂ්ට කිරීම කාලයක සිට නිතර නිතර සිදුවන බවද කියා සිටියේය.
බඹර කූඩු ඉවත් කිරීමට පියවර ගන්නා නමුත් කූඩු වලින් ඉවත්ව යන බඹරුන් යළි ඉතා ඉක්මනින්ම එම ස්ථානයේ පදිංචිවන බව මේ ගැන අදහස් දක්වමින් පාසලේ ගුරුවරයෙක් පැවසුවේය.







