බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරුව ඇත්ත කරන්න ජනතා මුදල් වියදම් කරගෙන වැඩිය දඟලන්න එපා… ආණ්ඩුවට නාමල් අනතුරු අඟවයි!

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

යහපාලන සමයේ මුදලට බොරු කී පුද්ගලයින් අද මහජන මුදල් වියදම් කර තමන් කී බොරු ඇත්තක් කිරීම සඳහා අධිකරණය පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව භාවිතා කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ  මෙම බොරු ප්‍රකාශ කරමින් දඟලන  පුද්ගලයින් තමන් බොරුව ජනතගත කිරීම සඳහා මහජන මුදල් ද අවභාවිතා කළ බව දැනගෙන දඟලන ලෙසද අනතුරු ඇඟවූයේය.

නාමල් රාජපක්ෂ මෙසේ ද කීවේය.

“ප්‍රාදේශීය සභා මැතිවරණ වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට  ගොඩනැගුණා. අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා.  අපි දකිනවා යහපාලන ආණ්ඩුව ගොඩනගන කොට මූලික වෙච්ච බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා තමන් එදා රාජපක්ෂලට එදා තිබිච්ච ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කළේ කියලා.  ඒ මුදල් ගත්තු අය ගැනත් කියනවා. මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා.

ඉතින් එහෙම තමයි මේ බොරුව සමාජගත කළේ. හැබැයි යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඉතිං ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා. යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි. සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය.

එක පැත්තකින් චරිතඝාතනය කරනවා පුද්ගලයන්ගේ. බොරුව සමාජගත කරනවා. සමාජය වෛරය ඉරිසියාව කුහකත්වය ක්‍රෝධය පතුරනවා. අනිත් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕන හින්දා මිනිස්සුන්ගේ බදු මුදල්  වියදම් කරනවා. ඉතින් ඒක තමයි සැබෑ අවභාවිතය .ඉතින් ඒකත් මතක තියාගන්න ඔය දඟලන අය.” නාමල් රාජපක්ෂ කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රංශයේ දී දරුවෙක් දූෂණය කර එංගලන්තයට පැන සිටි ශ්‍රී ලාංකිකයෙක්  ඇතුළු 07ක් සම්බන්ධව එක්සත් රාජධානියේ අපරාධ ඒජන්සිය නිල ප්‍රකාශයක් කරයි!

Next Post

බල ශක්ති අර්බුදයක් වළක්වා ගන්න ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය ලැබිලා?

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.