බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් වන්නේ කතානායක ගැසූ පුද්ගලික ගේමක් නිසා ද?

by editor
ජනවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුමාර කුළරත්නගේ වැඩ තහනම් කිරීම සම්බන්ධව විපක්ෂය දැඩි විරෝධයක් පල කර තිබේ. ඒ සම්බන්ධව ඇතැම් විපක්ෂ කණ්ඩායම් මේ වැඩ තහනම් කිරීම ස්වකීය දේශපාලනය සඳහා භාවිතා කළ හැකි තේමාවක් කරගත හැකි ආකාරය අත්හදා බලමින් සිටින බව පෙනේ.  එය කථානායකවරයාගේ ලිංගික දිශානතිය සම්බන්ධ පහත් කථිකාවක් ගොඩනැගීමට තවත් කණ්ඩායමක් උත්සාහ ගනිමින් සිටින ආකාරය  දකිමු.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියන කතාව.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව ජනවාරි මස 23 වැනිදා සිට  මෙම වැඩ තහනම් කරන්නේ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීරගේ අත්සනින් නිකුත්කළ ලිපියක් මගිනි.

අදාල තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවෙනි.  පසුගිය 23 දා  එම කාර්යමණ්ඩල උපදේශක කාරක සභාව නියෝජනය කරමින්  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක,  මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත, විපක්ෂ නායකවරයා නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  සහ  පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර , සහභාගීවූහ.

චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීම පිළිබඳ තීන්දුව ගනු ලබන්නේ තනි පුද්ගලයෙකුගේ අභිමතය මත අනීතිකව නොවේ. ඔහුගේ වැඩ තහනම් කරන්නේ මූලික විමර්ශනයකින් අනතුරුවය.  එම වැඩ තහනමට අදාල ලිපිය චමින්ද කුමාර කුලරත්න වෙත යොමු කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරිය වු කුෂාණි රෝහණ ධීර සිය ලිපි ශීර්ෂයක් යටතේ සිය අත්සනින්න යුතුවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ලිපියේ සඳහන් වන්නේ කුමක් ද?

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය චමින්ද කුමාර කුලරත්නට යැවූ ලිපියේ සඳහන් වන්නේ ඔහුගේ පත්වීම් කොන්දේසි ඔහු විසින් දැන දැනම උල්ලංඝනය කර ඇති ආකාරය ය.

එම ලිපියේ  දැක්වෙන ඡේදයක් මෙසේ උපුටා දක්වමු.

“ඔබ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී ඔබගේ පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කිරීම සහ එක් අවුරුදු වැඩ බැලීමේ  කාලයට යටත්ව පත්වීමක් ලබාගැනීමට කටයුතු කිරීම, එම තනතුරට නියමිත වැටුප් පියවරකට වඩා ඉහළ පැටුප් පියවරකට අයත් වැටුප් ලබා ගැනීම මගින් රජයට මූල්‍යමය පාඩු සිදුකිරීම හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම වැනි බරපතල වැරදි සිදුකර අති බව ඔබ සම්බන්ධව පවත්වන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.”

ගිය වසරේ මැද භාගයේ දි එස්.නන්දන් නැමැත්තෙක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මේ සම්බන්ධව තොරතුරු  ඉල්ලුවේය.  එම තොරතුරු අදාල පුද්ගලයාට ලබා දී තිබිණි. නමුත් 2025 ජූලි 26 වැනිදා පැවති  පාර්ලමේන්තු කාරක සභා කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේ දී එලෙස නිකුත් කර තිබූ තොරතුරු හා චමින්ද කුමාර කුලරත්නගේ පෞද්ගලික ලිපි ගොනුවේ ඇතුළත් කරුණු පැටලිලි සහගත බව හෙළි වී තිබේ.

මේ සම්බන්ධව  පරීක්ෂණයක් පවත්වා තොරතුරු සොයා බැලීමට කටයුතු කරන්නේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවය. ඒ  සඳහා පලාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වූ නීතිඥ එස්.කේ ලියනගේ  පත් කෙරිණි.  ඒ පත්කිරිම සම්බන්ධව  දැනුම්වත් කර  2025 අගෝස්තු 22 දා ලිපියක් නිකුත් කර තිබිණි.  මූලික පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට මේ පත්කිරීම සිදුකරන බව එම ලිපියේ පැහැදිලිව සඳහන් විය.

මූලික පරීක්ෂණයේ දී  සිදුවන අනාවරණය

2023 ජූලි මස 07 වැනිදා  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් තනතුර පුරප්පාඩු වී ඇති බැවින් ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබිණි. 2023 සැප්තැම්බර් මස 08 වැනිදා සම්මුඛ පරීක්ෂණවලට පුද්ගලයින් 08 දෙනෙක් කැඳවූයේය. එහිදී සුදුස්සා ලෙස එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ චමින්ද කුමාර කුලරත්න තෝරාගෙන තිබිණි.

එවක කතා නායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කළහ.

එම සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර තිබිණි. අනාවරණය වන තොරතුරු අනුව  ඔහුට වැඩි ලකුණු ලබා දීමට අධිකරණ සේවයේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ බවට ලබා දී ඇති ලකුණු ද හේතුවක් වූයේය. ඔහුගේ නීතිඥයෙක් වුව ද    චමින්ද කුමාර කුලරත්න අඩුම තරමින් එක් දිනක් හෝ  එවැනි සුදුසුකමක් ලබා නැති බව පසුව අනාවරණය විය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් පත්කරන්නේ වසර තුනක පරිවාස කාලයකට යටත්වය. නමුත් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහිත තනතුරක සේවය ස්ථිර කළ අයෙකු පූරණය කළ යුත්තේ වසරක් වැනි අඩු පරිවාස කාලයකි.

කොන්ත්‍රාත්  පදනමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් දූරයේ කටයුතු කරමින් සිටි චමින්ද කුමාර කුළරත්න කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් දූරයට පත් කළ යුතුව තිබුණේ වසර තුනක පරිවාස කාලයකට යටත්වය.  නමුත් වසරකින් පසු ඔහුව එම ධූරයේ ස්ථිර කර තිබිණි.

මූලික විමර්ශන වාර්තාව පෙන්වා දෙන්නේ එම පත්කිරිම නීත්‍යානුකූල නොවන බවය.

නීත්‍යානුකූල නොවන්නේ ඇයි?

තමන් දැරූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ධූරය විශ්‍රාම වැටුප් හිමි තනතුරක් බව චමින්ද කුමාර කුලරත්න විමර්ශනයේ දී ප්‍රකාශ කර තිබිණි.  නමුත් ඔහු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් තමා කොන්ත්‍රාත් පදනම යටතේ සිටි කාලය විශ්‍රාම වැටුප් හිමි සේවා කාලයට එකතු කරන ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ අනාවරණය විය.  එම ඉල්ලීම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  ප්‍රතික්ෂේප කර ඇති ආකාරය පසුව හෙළිදරවු වුනේය.

ඒ අනුව විමර්ශන නිලධාරියා පෙන්වා දෙන්නේ තමන් පෙර දැරූ ධූරයේ තනතුර විශ්‍රාම වැටුප් හිමි තනතුරක් නොවන බව චමින්ද කුමාර කුලරත්න දැන සිටි බවය. ඔහු දැන දැනම අමූලික බොරු  විමර්ශනයේ දී ප්‍රකාශ කර ඇති බවය.

එමෙන්ම  චමින්ද කුමාර කුලරත්නට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීමේ ලිපියක්  ලබා දී නොමැති බව ද මෙම විමර්ශනයේ දී හෙළි වී තිබිණි.   2023 නොවැම්බර් මස 15 වැනිදා තමන් පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර හමුවූ අතර එදින තනතුර භාර ගන්නා ලෙස ඇය ලිඛිතව උපදෙස් දුන් බව විමර්ශනයේ දී කුලරත්න පවසා තිබුණේය.  එහෙත් මහලේකම්වරිය විමර්ශනයේ දී  ප්‍රකාශ කළේ තමන් කිසිම විටෙක එවැනි ලිපියක් හෝ කිසිම ආකාරය  ලිඛිත දැනුම් දීමක්  සිදුනොකළ බවය.

මෙහිදී චමින්ද  කුමාර කුලරත්න තමන් සතුව මහලේකම්වරිය ලබා දුන් ලිපිය තිබෙන බවත්, එය ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළත් ඔහු එය සිදුකර තිබුණේ නැත.  මූලික පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ ඔහුගේ  එම ප්‍රකාශ අසත්‍ය ලෙස සලකා බැහැර කළ බවය.

මේ අතර අදාල තනතුර සඳහා අයදුම්පත් කැඳවීමේ දී මාසික ආරම්භක වැටුප රුපියල් 98 650ක් ලෙස සටහන් වුවත්, ඔහු 1,04,500 ක වැටුපක් ලබා ගෙන ඇති අතර එය ඔහු ඊට පෙර සිටි තනතුරේ දී ලබා ගත් වැටුප බව ද පරීක්ෂණ වාර්තාවේ  සඳහන්ය.

මේ චමින්ද කුමාර කුලරත්න කවු ද?

2005- 2010 අතර කාලයේ දී ලංකා බැංකුවේ තනතුරු කීපයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් තනතුරක් ද, 2010 ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක්ද, 2010 අගෝස්තු සිට 2013 දෙසැම්බර් දක්වා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ තනතුරක්ද,  2013 දෙසැම්බර් සිට 2015 ජනවාරි දක්වා ජනාධිපති ලේකම්  කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක් ද ඔහු විසින් දරා තිබේ.

2015 මැයි සිට 2018 ඔක්තොම්බර දක්වා ලන්ඩන් නුවර සයිප්‍රස් තානාපති කාර්යාලයේ තනතුරක්, 2018 නොවැම්බර් 13 සිට 2019 ජනවාරි 21 දක්වා අගමැති කාර්යාලයේ  අතිරේක ලේකම් තනතුරක් ද, 2019 ජනවාරි 22 සිට 2019 නොවැම්බර් 26 දක්වා පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ අතිරේක ලේකම්රයා ලෙසද , 2019 නොවැම්බර් මස 27 සිට 2022 පෙබරවාරි මස 07 දක්වා අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස හෙතෙම කටයුතු කර තිබිණි. මේ තනතුරු සියල්ලම සමීප දේශපාලන හැඟවීම් කරනු පෙනේ.

මේ අතර ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් ධූරයක ද කටයුතු  කිරීම කැපී පෙනෙන්නේය.  2022 පෙබරවාරි මස 08 වැනිදා සිට පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට පත් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරක ඔහු සේවය කර කළේය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව  සුදුසුකම් අතින්ද එකතු කර චමින්ද කුමාර කුලරත්න පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ලෙස පත් කරගන්නේ එවැනි පසුබිමකය.  මේ සම්බන්ධව සිදුකළ පරීක්ෂණයකින් පසු අනාවරණය වූ කරුණු මත මේ පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමේ පියවරකට ගිය පසු  විපක්ෂයට බඩේගාය හැදී තිබීම තේරුම් ගත හැකිය.

එය දේශපාලන වාසියක් දක්වා පරිවර්තනය කරගන්නට හදන නිඝන්ඨ උත්සාහය විපක්ෂයකට තරම් නොවන බව තේරුම් ගැනීමට හැකි විපක්ෂ නායකයෙක් නොසිටීම රටට හොඳ නැත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සංචාරය නිරත නාමල් කෙහෙල් බද්දර පද්මේ ගැන ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න සතියක කල් ඉල්ලයි…

Next Post

මහනුවර ඝාතන රැසක තොරතුරු එළියට…. අංකුඹුරේ සැකකාර ජේලර් ඝාතකයාත්, මහනුවර යාචක ස්ත්‍රිය ඝාතනය කළ ඝාතකයාත් ජීවත් වෙලා තියෙන්නේ එකම නිවසක…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.