සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව ප්‍රජාශක්ති ජාතික වැඩසටහන පිළිබඳව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරනු ලබන නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනේදී මේ බව සඳහන් කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යනු නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන බවය.
2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 180 ක් පමණ අයවැය ඇස්තමේන්තු හා අයවැය යෝජනා මගින් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා සඳහා සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
එම සියලු කාර්යයන් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කර සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. එම ක්‍රියාවලිය සිදු කිරිම සඳහා අත්‍යාවශ්‍ය වන තාක්ෂණික කරුණු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි.
ව්‍යාපෘති කළමනාකරණය සහ ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධතිය පිළිබඳ හඳුන්වා දීමක් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සරදාංජලි මනෝහරන් මහත්මිය විසින් මෙහිදී සිදු කරනු ලැබුවාය.
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව කටයුතු කිරීමේ දී නිලධාරින්ට මතුව තිබූ ගැටලු සහ ඉදිරි කටයුතු කිරීමේදී තවදුරටත් නිරවුල් කරගත යුතු කරුණු පිළිබඳව අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක්ද මෙහිදී පවත්වන ලදි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර හිටපු මහාධිකරණ විනිසුරු හා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක මේ අවස්ථාවේදී සභාව ඇමතීය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර,
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත්, ජනාධිපති අතිරේක ලේකම් නලින් වණසිංහ, ජනාධිපති අතිරේක ලේකම් රොහාන් ජයතිලක, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටි. එම්. යූ. ඩී. පී තෙන්නකෝන්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩි නිලුක්ෂාන්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දර්ශනී ද සිල්වා, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉරුදිනි වීරකෝන් සහ ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂකවරුන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යංයේ අධ්‍යක්ෂකවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.







