බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ ලෝක කුසලානය – ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව හමුවේ පන්දු ඕවර 19ක දී ලකුණු 58කට දැවී යයි…

by editor
ජනවාරි 23, 2026
in පුවත්
cricket-wicket-
Share on FacebookShare on Twitter

19න් පහළ එක් දින ලෝක කුසලානයට තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (23)  ඔස්ට්‍රේලියාව හමුවේ ඉතිහාසගත විලි ලජ්ජාවකට පත් වෙමින් පන්දු ඕවර 18 පන්දු 5ක් තුළ ලකුණු 58කට දැවී ගියේය. ඒ කාසියේ වාසිය ලැබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට යෑමේදී ය. 

ජපානය සමග ලෝක වාර්තා තැබූ නමුත්, අයර්ලන්තය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඇත්තම ස්වරූපය මෙය බව ආසියානු කුසලානයේදීම පැහැදිලි වූයේය.

අනාගතය සඳහා බලාපොරොත්තු තබා ගත හැකි එකම සාධනීය සලකුණක්වත් මේ කණ්ඩායම තුළ මුල සිටම හඳුනාගැනීමට නොහැකි වූ ඛේදවාචකය අපි පැහැදිලිව මින් පෙර ලියා තැබුවෙමු. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය නම් ඒ අනාගතය පුනරුත්ථාපනය කළ යුතු බව අද නැබීමබියාවේ වින්ඩ්හෝක් ක්‍රීඩාංගනයේ දී ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩකයෝ  ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පණිවිඩයක් එවූහ.

ක්‍රීඩාවට හුරු වන ජපානයේ ආධුනික ක්‍රීඩකයින්ට එරෙහිව ශතක සම්බන්ධතා ගොඩනගා ලෝක වාර්තා තැබූ දිමන්ත මහවිතාන ලකුණු නැත. විරාන් චමුදිත ලකුණු 01කි. දුනිත් සිගේරා ලකුණු 1කි. පළමු ක්‍රීඩකයින් හතර දෙනාගේ ලකුණු එකතුව ලකුණු 09කි.

වැඩිම ලකුණු සංඛ්‍යාව ලැබූ චාමික  හීනටියන ලකුණු 14කි. මුළු කණ්ඩායමම ලකුණු 15 අඩුවෙනි. ක්‍රීඩකයින් 08ක් ලකුණු 10ට අඩුවෙනි. තරගයටම ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 11 දෙනාම එල්ල කර ඇත්තේ හතරේ පහර 05කි. ලකුණු 58ට සියල්ලන්ම දැවී ගොස්ය.  ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට දැවී ගිය ප්‍රථම අවස්ථාව මෙයය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පන්දු ඕවර 6.4ක් තුළ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් වූ විල් බිරෝම් ලකුණු 14කට කඩුළු 05කි. චාර්ල්ස් ලච්මුන්ඩ් ලකුණු 19කට කඩුළු 2කි. කෙසෙයි බර්ටොන් ලකුණු 13කට කඩුළු 02කි. හෙයිඩ්න් චිලර් ලකුණු 11කට කඩුල්ලකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මම දැන් දේශපාලනයේ නෑ…” මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්නට පැමිණි හිටපු ජනපති රනිල් මාධ්‍යයට කියයි!

Next Post

අනුෂ පැල්පිට ලබන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.