බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රණතුංග දෙබෑයන්ගේ පැටිකිරිය අධිකරණය ඉදිරියේ දිගහැරෙන හැටි!

අපට ඇත්තේ රජෙක් වගේ ඉන්නට හැකිව තිබු ජනතා හදවතේ නායකයෙක් දේශපාලන කුපාඩිකම් අතර බලු වී යෑමේ වේදනාවය...

by editor
ජනවාරි 23, 2026
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංගට සහ ඔහුගේ සොහොයුරා වන සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත මේ බව නිල වශයෙන් දැනුම් දෙන ලදී.

චෝදනාවට පදනම

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2017 සහ 2018 වර්ෂවල සිදුවූ බව කියන ඉන්ධන මිලදී ගැනීමේ අක්‍රමිකතාවයකි.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ මීට පෙර පැවති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (PCoI) වාර්තා අනුව මෙම අක්‍රමිකතාවයට අදාල   සිද්ධිය  පෙළ ගැසෙන්නේ මෙසේය.

2017 වසරේ මෙරට   දරුණු පෙට්‍රල් හිඟයක් ඇති විය. ඒ  සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   විසින් විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී.

එම අනුකමිටුව විශේෂ විමර්ශනයක් සිදුකළේය.  එම කමිටුව    සහ අල්ලස් කොමිසම මඟින් කළ විමර්ශනයේ දී බරපතල කාරණාවක් අනාවරණය වූයේය.  ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ලඩලය  අනුදත් රජයේ ප්‍රතිපත්තිය වූයේ දිගුකාලීන ටෙන්ඩර් (Long-term contracts) හරහා ස්ථාවර මිලකට ඉන්ධන ලබා ගැනීමය. නිශ්චිත ක්‍රියාවලිය හරහා අදාල ටෙන්ඩර් පිරිනමා තිබුණේ සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු වන විටෝල් (Vitol) සමාගම සහ තවත් ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහෙත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා සහ එවකට සභාපති අර්ජුනගේ සොයුරු  ධම්මික රණතුංග   මෙම ප්‍රතිපත්තිමය තීරණ සහ ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා, ක්‍රියාත්මක වෙමින් පැවති දිගුකාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට කටයුතු  කර තිබිණි.  ඒ වෙනුවට ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) 27ක් ක්‍රියාත්මක කිරීමට මේ දෙපළ අත්තනෝමතිකව කටයුතු කළහ. ස්ථානීය ටෙන්ඩර් යනු හදිසි අවශ්‍යතාවකදී පමණක් භාවිත කරන ක්‍රමයකි. මෙහිදී ඉන්ධන සඳහා ගෙවීමට සිදුවන මිල දිගුකාලීන ටෙන්ඩර්වලට වඩා බෙහෙවින් වැඩිය.

මෙලෙස ජනාධිපති උපදෙස් සහ රාජ්‍ය ප්‍රතිපත්තිය  නොසලකා හරිමින් “ස්ථානීය මිලදී ගැනීම්” (Spot purchases) සිදු කිරීම නිසා ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට නොහැකි වූ බවත්, එය රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් වූ බවත් පරීක්ෂණ වාර්තා පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය හරහා රජයට අමෙරිකානු ඩොලර් 4,716,957ක් (රුපියල් මිලියන 800කට ආසන්න) පාඩුවක් සිදුකිරීම සම්බන්ධ රණතුංග සහෝරයින්ට චෝදනා එල්ල විය.

වෘත්තීය සමිති විරෝධය සහ විමර්ශන

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2018 වසරේදී ඛනිජ තෙල් වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, මෙමඟින් විශාල දූෂණයක් සිදුවන බවට එවකටත් අනතුරු අඟවා තිබුණි.  මෙම  සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් ධම්මික රණතුංග අත් අඩංගුවට ගන්නේ  2025 දෙසැම්බර් මාසයේදී ය.  කොමිසම විසින්  අර්ජුන රණතුංගද නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලදී.

ඊයේ සිදුවන්නේ කොළඹ මහාධිකරණය හමුවේ මේ දෙපළට අධි චෝදනා භාර දීමය. විත්තිකරුවන්ට එරෙහිව නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙම නඩු කටයුතු ගොනුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

විදේශ ගමන් තහනම සහ අධිකරණ තීන්දුව

මෙම නඩු විභාගය අතරතුර, හිටපු සභාපති ධම්මික රණතුංග  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ තම සේවාදායකයාගේ බිරිඳගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසය.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ නඩුව දැනටමත් මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බැවින්, එවැනි ඕනෑම ඉල්ලීමක් මහාධිකරණය වෙතම ඉදිරිපත් කළ යුතු බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර නඩුව මාර්තු මස 13 වනදා නැවත කැඳවීමට නියමිතය.

මේ අනාවරණය වන්නේ  එවකට අමාත්‍යවරුන් ස්වකීය සහෝදරයින් ඥාතීන් බලවත් ආයතනවල තනතුරුවල පිහිටුවාගෙන ජාතික ප්‍රතිපත්ති ද උල්ලංඝණය කරමින්  අත්තනෝමතිකව ස්වකීය බඩගෝස්තරය වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය ය.  මේ සිද්ධියේ වඩාත් දරාගත නොහැකි කොටස වන්නේ 1996 ලෝක කුසාලනය දිනා දුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා මේ නින්දිත දූෂණයේ ප්‍රධාන කොටස්කරුවා ලෙස චෝදනාවට ලක් වීමය.  දූෂණය, වංචාව සහ යහපාලනය වෙනුවෙන් මහා ඝෝෂාවක් නැගූ අර්ජුනට මේ අත් වී ඇති ඉරණම පිළිබඳ රටක් ලෙස අපට පුදුමය.  රජෙක් වගේ ඉන්නට තිබූ ජනතා හදවත දිනා ගත් නායකයෙක් දේශපාලනයේ බලයට මුවා වි කළ බවට චෝදනා ලබන කුපාඩි ගනුදෙනු  අතර බලු වී යනු දැකීම වේදනාවකි. සැබෑම වේදනාවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයෙන් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්… චීන තානාපති මහා නායක හිමිවරුන්ට කියයි!

Next Post

අන්තර්කරණය, සංහිඳියාව, සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අත්දැකීම් හුවමාරු කිරීමේ වැඩසටහනක් පොලොන්නරුවේ දී…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.