කෝටි 90කට වැඩි වීදි වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වටලීමකදී ය.
එහිදී ත්‍රීරෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ආදළ සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන
දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග ද දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” නැමැති පාතාල අපරාධකරු සමග ද මෙම සැකකරු සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බව මේ වනවිට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.







