වයස අවුරුදු 19න් පහළ එක් දින ලෝක කුසලාන තරගාවලියේ 13 වැනි තරගය ලෙස අද නැමීබියාවේ වින්ඩ්හෝක් ක්‍රීඩාංගනයේ දී පැවති ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 106ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවට පහර දීම තේරූහ. එහෙත් ඒ තීන්දුව පාරාවළල්ලක් වනු ඇතැදෝයි සිතෙන තරමට නරක ආරම්භයක් ශ්‍රී ලංකා පිතිකරණ අංශයෙන් පෙනුණි.
පසුගිය තරගයේ ජපානයට එරෙහිව ලෝක වාර්තාවක් තැබු ආරම්භක පිතිකරුවන්වන දිමන්ත මහ විතාන සහ විරාන් චමුදිත පන්දු ඕවර 04ක් තුළ ලකුණු 17ක් තුළ දැවී ගියහ. දිමන්ත ලකුණු 09කි. විරාන් ලකුණු 06කි. දුල්නිත සිගේරා ලකුණු 27කට දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 59කට කඩුළු 03කි.
එහෙත් අංක 04 පිතිකරු කණ්ඩායම් නායක විමත් දින්සර විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් හතරේ පහර 06ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 95ක් රැස් කළේය. විමත් දින්සර නායකත්වයේ ඉනිම ගොඩනගමින් මිනිත්තු 193ක් පිටියේ රැඳි සිට පන්දු 102කට මුහුණ දුන්නේය. ශතකය පෙනෙමින් ඔහු දැවී යන්නේ කඩුළු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබා දෙමිනි.
ඔහුට අනගි සහයක් ලබා දුන් අංක 05 පිතිකරු කවිජ ගමගේ පන්දු 69ක් තුළ ලකුණු 49ක් ලැබුවේය. ඔහු අර්ධ ශතකය පෙනී පෙනී දුවද්දී දැවී යෑමකට හසු වූයේය. කවිජ සහ විමත් අතර 04වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවයක් ගොඩනැගුණි. යළිත් 05 වන කඩුල්ල වෙනුවෙන් විමත් සහ චාමික හීනටිගල අතර වටිනා සම්බන්ධතාවයක් ගොඩනැගුණි. 05 කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 100කි.
යළිත් විශිෂ්ට පිතිකරණයක් මැද පෙළින් ප්‍රකට විය. චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් ලැබුවේය. පන්දු ඕවර 50 නිමා වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 167ක් රැස් කර තිබුණහ. කඩුළු 05ක් දැවී ගොස් තිබිණි.
අයර්ලන්තය වෙනුවෙන් ඔලිවර් රිලේ ලකුණු 51කට කඩුළු 02ක්, රූබන් විල්සන් ලකුණු 49ට කඩුළු 01ක් සහ ලියුක් මුරේ ලකුණු 47ට කඩුල්ලක් ලැබුවේය.
ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 40ක් සහ එක් පන්දුවක් තුළ ලකුණු 161කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ. අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු කොලම් ආම්ස්ට්‍රොන් ලකුණු 39ක්, නායක ඔලිවර් රිලේ නොදැවී ලකුණු 31ක්, රූබන් විල්සන් ලකුණු 32ක් ලැබූහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මෙම පන්දු ඕවර 40 තුළ දී වයිඩ් පන්දු 16ක් ඇතුළුව අමතර ලකුණු 19ක් ලබා දී තිබීම අවධානය යොමු විය යුතු කරුණක් බව පෙනුණි.
මෙම තරගයේ දී හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ දුල්නිත් සිගේරා විසිනි. ඔහු පන්දු ඕවර 4.1 තුළ ලකුණු 19කට කඩුළු 04ක් ලැබුවේය. රසිත් නිම්සර පන්දු ඕවර 08ක් තුළ ලකුණු 29කට කඩුළු 03ක් ලැබුවේය. සෙත්මික සෙනවිරත්න, කුගදාස් මතුලන්, සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් ලැබූහ.
තරගයේ වීරයා







