අලව්ව පොලිස් වසමත තුළ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව අලව්ව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊයේ ( 17) රාත්රියේ මෙසේ ඝාතනය කර ඇත්තේ මැටියගනේ පදිංචි කේ.එම්.කවිදු නිමේෂා සත්සර නැමති 28 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට ලක්වු තරුණයා යතුරු පැදියයකින් ගමන් කරමින් සිටියදී මොරවලපිටිය, ගොඩාකූරුව හංදියේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි අලව්ව පොලීසිය කියයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබේ







