ශ්‍රීමතී විජේරත්ත- අඹන්පොල –
වෙඩි වැදී රෝගාතුර වූ වන අලි පැටවෙකු පිලිබඳ තොරතුරු නිකවැරටියෙන් වාර්තා වේ.
වනජීවි නිලධාරින් පවසන්නේ වයස අවුරුදු තුනක් (3) පමණ වන මෙම අලි පැටවා ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයන් හමුවූ බවය.
අංක 122 කදුරුවැව ග්‍රාම නිලධාරි වසමේ වෙඩි වැදී වැටී සිටියදී ප්‍රදේශ වාසීන් විසින් වනජීවී නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
අනතුරුව ගල්ගිරියා කන්ද ආසන්නයේ ශ්‍රී ධර්ම රාජගල ආරණ්‍ය සේනාසනය තුළට මෙම වන අලි පැටවා රැගෙන විත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බවත්, මේ වන විටත් ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින බවත් වනජීවී නිලධාරීහු කියති.
මෙම වන අලි පැටවාගේ ඉදිරි දකුණු පාදය ප්‍රදේශයේ වෙඩි වැදිමේ සලකුනු දක්නට තිබෙන අතර ඵම හේතුවෙන් ඇති වූ තුවාල නිසා මෙම වන අලි පැටවා රෝගාතුර වි ඇති බව එම නිලධාරීහු පවසති.
නිකවැරටිය වනජීවි ඒකකයේ පශු වෛද්‍ය අංශය මගින් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.







