ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි20 ජාත්‍යන්තර තරගය වර්ෂාව නිසා එකම පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අත්හැර දැමීමට සිදුවිය.
දිනය පුරා පැවති වාර්ෂා තත්ත්වය තුළ කාසියේ වාසිය හෝ උරගා බැලීමේ අවස්ථාව නැතිවිනි. කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණේ පස්වරු 6:30 ටය. ඒ සඳහා විනිසුරුවරු රාත්‍රී 8.40 තෙක් බලා සිටියහ. අවසානයේ දී තරගය අත්හැර දැමීය.
පළමු තරගයෙන් අන්ත පරාජයක් හිමිකරගත් ශ්‍රී ලංකාව අභිබවා මේ වනවිට පකිස්ථානය ඉදිරියෙන් සිටින්නේය. අඩුම තරමින් මව්බිමේ දී තරගාවලි පරාජයක් ලැබීමේ නින්දාවෙන් බේරෙන්නට ඊලඟ තරගය හෝ ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.
මේ තියන කාලගුණ තත්ත්වය තුළ ඊලඟ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් තරගාවලි පරාජයක්ද සමග මේ තරගාවලිය නිමා වන්නේය.
පන්දු විස්සකට වඩා,ඉතිරිව තිබියදී ලංකාව එසේ විලි ලජ්ජා නැති ලෙස පැරදුනේ නිල නායක ෂහීන් ඇෆ්රිඩි හා හිටපු නායක බාබර් අසාම් ඇතුළු දක්ෂ ක්‍රීඩකයන් සිව් දෙනකු නොමැති පාකිස්තානු “ඒ ” කණ්ඩායමකටය.
එක අතකට අද මැච් එක නොතිබුණ එකත් හොඳයි වගේය. මේ වගේ කුල්ල කුජීතවන හිපාටු ක්‍රිකට් වැස්සෙන් හේදී යන එක ක්‍රිකට් ලෝලීන්ට වැස්ස නිසා මැච් එක නැවතුනා කියා හිත හදාගන්නට අවස්ථාව සලසන්නේය.







