සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරිනිට එල්ලවන අපහාසවලින් පිළිබිඹු කරන වෛරයේ ඇතුළාන්තය කුමක් ද?

by editor
ජනවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එල්ල වී ඇති විවේචනයන් ඉන් එහා ගොස් අධ්‍යාපන ඇමතිවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ද මේ වනවිට ඉතා වෛරී සහගත ලෙස යොමු වී තිබේ.

6 ශ්‍රේණිය සඳහා නිකුත් කළ මොඩියුලවල පැවති අඩුපාඩු හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ද ඇතැම් පිරිස් පවසන අතර, බොහෝ දෙනෙකු ඊට පරස්පරව ඊට කිසිදු සම්බන්ධයක් නැති ඇගේ ලිංගික නැමියාව ප්‍රශ්න කිරීම, විවාහක අවිව්වාහකභාවය ප්‍රශ්න කිරීම සහ ඇය කාන්තාවක් වීම යන්න ඉලක්ක කරගනිමින් විවිධ මත සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු කරගන්නා ආකාරය දැකිය හැකි ය.

දේශපාලන විවේචන පසෙක තබා නායකත්ව භූමිකාවන්ගේ සිටින කාන්තාවන් සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවන විලාසයන් සහ තීරණ සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ ප්‍රශ්න කිරීම් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ද එවැනි ආකාරයේ සිදුවීම් රාශියක් සිදුව තිබේ.

පසුගිය වසරේ මහමැතිවරණය පැවති සමයේදී ද එයට තරග කළ පක්ෂ, විපක්ෂ කාන්තා නියෝජිතයින් ඉලක්ක කරගනිමින් දරුණු අපහාසයන් එල්ල විය.

මහමැතිවරණයෙන් පසුව ද එවැනි ආකාරයේ විවිධ අපහාසයන්ට ලක් වීමට පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරියන්ට සිදු විය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ආයතන ප්‍රධානීන් ලෙස හෝ නායකත්ව තනතුරු වලට සිය සුදුසුකම් මත කාන්තාවන් පත් කරනු ලැබූ විට ඒ සම්බන්ධයෙන් බොහෝ විට අපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වනු දැකිය හැකි ය .

නායකත්ව තනතුරු පමණක් ම නොව මෑතකදී බීබීසී සිංහල විසින් වාර්තා කරන ලද, දුම්රිය සේවයේ සියලු තනතුරු කාන්තාවන්ට ද විවෘත වූ බවට වූ පුවත සඳහා ද අප නිල ෆේස්බුක් ගිණුමට එවැනි ආකාරයේ අදහස් දැක්වීම් බොහෝ දෙනෙකු විසින් සිදු කරනු ලැබ තිබිණි. බොහෝ දෙනෙකු එහිදී දුම්රිය රියදුරන් වශයෙන් කාන්තාවන් කටයුතු කිරීමේදී වනු ඇතැයි ඔවුන් උපකල්පනය කරන ලද දේ දක්වා තිබිණි.

“දුම්රියේ යෑමත් භයානකයි” යනුවෙන් එක් අයෙකු අදහස් දක්වා තිබූ අතර, තවත් අයෙකු එයට දක්වා තිබූ අදහස වූයේ, “පුළුවන් ඒ වුණාට පවුල් අවුල්” යනුවෙන් ය.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේ මෙන් ම වෙනත් බොහෝ රටවල්වල ද නිරීක්ෂණය කළ හැකි තත්ත්වයකි.

දකුණු ආසියානු කලාපය යනු ලෝකයේ මුල් ම රාජ්‍ය නායිකාවන් බිහිවූ කලාපය යි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මෙන් ම පකිස්ථානයේ පවා රාජ්‍ය නායිකාවන් වශයෙන් කාන්තාවන් කටයුතු කර ඇති නමුත් බොහෝවිට කාන්තා නායිකාවන්ගේ තීන්දු සහ තීරණ මෙන් ම පෞද්ගලික ජිවිතයේ තෝරා ගැනීම් එම තනතුර ම දැරූ හෝ දරන පිරිමි නායකයන්ට සාපේක්ෂව ප්‍රශ්න කරන අවස්ථා වැඩි ය.

සංස්කෘතියේ කොටසක්

මෑතකදී වාර්තාකරු සමග ඇතිවූ මිතුරු සංවාදයකදී, එක් මිතුරෙකු පැවසූ කරුණක්, එයට හේතුවන සංස්කෘතික පසුබිම පැහැදිලි කරගැනීමට ඉඟියක් ලබා දෙයි.

“මම හිතන්නේ ආයතනයක වුණත් ප්‍රධානියා කාන්තාවක් වුණා ම, එතන ඉන්න සමහර පිරිමි අයට හිතෙන්න පුළුවන් කාන්තාවක් යටතේ වැඩ කරන්න වෙන එක තමන්ව පහළට යාමක් කියලා. මොකද ගෙදරදී එයාලා ගෘහ මූලිකයෝ. ගෙදර එයාගේ තීරණ යටතේ තමයි ගොඩක් වෙලාවට කාන්තාව ඉන්නේ.”

මෙම සංස්කෘතිකමය ගැටලුව ආයතනවල පමණක් නොව දේශපාලනයේදී සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා ද පොදු වන අතර, ඇතැම් අවස්ථාවල ඔවුන්ව “කුස්සියට” ලඝු කරන අදහස් දැක්වීම් ද සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි ය.

2022 වසරේදී බීබීසී පුවත් සේවයේ පළ කළ ලිපියකට අදහස් දක්වමින් කාන්තාවන්ට හිතකර සේවා ස්ථාන ගොඩනැගීම සඳහා, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රමුඛ සමාගම් සමග කටයුතු කරන, ගෝලීය ලාභ නොලබන සංවිධානයක් වන කැටලිස්ට් සංවිධානයේ යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව සඳහා වූ විධායක අධ්‍යක්ෂ ඇලිසන් සිමර්මන් මේ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කරයි.

“ඉතිහාසයේ පටන් ම වැඩ කරන ස්ථාන සහ රාජ්‍ය පාලනය ආක්‍රමණය කරලා තිබුණේ පිරිමින්. මෙයින් අදහස් කරන්නේ සාමාන්‍ය සම්මතයට පටහැනි ඕනෑම දෙයක් දිහා ඔවුන් සැකයෙන් හෝ අවිශ්වාසයෙන් බැලිය හැකි බව,” ඇය පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවේදී කාන්තාවන්ගේ ප්‍රගතිය පිරිමින්ට ඇති අවස්ථා හෝ වාසි අඩු කර ඇති බව ඇමරිකානු පිරිමින් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ විශ්වාස කරන බවට 2020දී පිව් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් තිබේ.

“ඒක සංකීර්ණ වෙන්නේ මෙම හැඟීම් දිගුකාලීන සමාජ සම්මතයන්, පෞද්ගලික අත්දැකීම් වගේ ම, සමාජය වෙනස් වන විට තත්ත්වය හෝ වරප්‍රසාද අහිමි වෙයි කියලා බිය ජනක හැඟීමක් එන නිසා,” යැයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන සිසිලියා හ්යුන්ජුන්ග් මෝ විසින් කරන ලද පර්යේෂණයකින් පවසයි.

දේශපාලනයේ නිරත කාන්තාවෝ

UN Women සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට, “2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශපාලනික හා පොදු ජීවිතයේ කාන්තා සමාන සහභාගීත්වය සහ නායකත්වය අත්‍යවශ්‍ය වේ.”

“කෙසේ වෙතත්, ලොව පුරා තීරණ ගැනීමේ සෑම මට්ටමකදීම කාන්තා නියෝජනය අඩු බවත් දේශපාලනික ජීවිතයේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම බොහෝ දුරස් බවත් දත්ත පෙන්වා දෙන,” බව එම සංවිධානය පවසයි.

2025 සැප්තැම්බර් 12 වන විට, රටවල් 9 ක රාජ්‍ය නායකයින් සහ/හෝ රජයේ ප්‍රධානීන් ලෙස කාන්තාවන් 32දෙනෙකු කටයුතු කර ඇති අතර, එම සංවිධානය පෙන්වා දෙන්නේ වර්තමාන වේගය අනුව, ඉහළ නායකත්ව තනතුරුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තත්ත්වයට ගෙන ඒමට තවත් වසර 130ක් පමණ ගත වනු ඇති බව ය.

එම වෙබ් අඩවියේ දැක්වෙන දත්ත අනුව, රටවල් 19ක් පමණක් රාජ්‍ය නායකයා කාන්තාවක් වන අතර, රටවල් 22ක පමණක් කාන්තාවෝ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටිති.

ප්‍රතිපත්ති ක්ෂේත්‍රවලට නායකත්වය දෙන කැබිනට් අමාත්‍යවරුන්ගේ තනතුරුවලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් දරන රටවල් ඇත්තේ 9ක් පමණි.

මහජන ඡන්දයෙන් තේරීපත්වන පාර්ලිමේන්තු නියෝජිතයන් අතරින් කාන්තාවන් 50%ක් හෝ ඊට වැඩි රටවල් ඇත්තේ රටවල් හයක් පමණි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ප්‍රතිශතය, සමස්ත පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් ප්‍රතිශතයක් ලෙස 9.77%කි. කැබිනට් ඇමති ධුර දෙකක් කාන්තාවන්ට හිමි අතර, එක් නියෝජ්‍ය ඇමති ධුරයක් කාන්තාවකට හිමිව තිබේ

කෙසේ නමුත් මෙලෙස පත් වූ කාන්තා මහජන නියෝජිතවරියන්ට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිරිමි මහජන නියෝජිතන්ට වඩා පෞද්ගලිකත්වය, ලිංගිකත්වය, ලිංගික නැමියාව, රූපය හෝ විවාහක අවිවාහකභාවය ඉලක්ක කරගනිමින් වැඩි වශයෙන් අපහාස එල්ල වීම දැකිය හැකි ය.

නායකත්වයේ සිටින කාන්තාවන් වැඩි වශයෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඇයි?

කාන්තාවන් 13,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ඇමරිකානු ජාලයක් වන How Women Leadහි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිනි ජූලි කැස්ත්‍රෝ ඒබ්‍රම්ස් විශ්වාස කරන්නේ එම තත්ත්වය ඇතිවීමට තවත් සාධකයක් වන්නේ කාන්තා නායිකාවන්ට සමාජය ප්‍රතිචාර දක්වන ආකාරය නිසා බවයි. ඇය ඒ සම්බන්ධව 2022 වසරේදී බීබීසී පුවත් සේවයට මෙලෙස අදහස් දක්වා තිබේ.

“අපි කාන්තාවන් දුෂ්ටයන් ලෙස පෙන්වීමට කැමතියි. එය අපේ සංස්කෘතියේ කොටසක්,” ඇය පවසයි.

“වැඩි වැඩියෙන් කාන්තාවන් නායකත්වයට පිවිසෙන විට, මෙම හැසිරීම වඩාත් දෘශ්‍යමාන වෙනවා, මොකද බලයේ සිටින කාන්තාවක් අපි සියලු දෙනා ඉගෙන ගෙන ඇති පිළිගත් සම්මතයට අභියෝග කරන නිසා… සාර්ථක කාන්තාවක්, අපට උගන්වා ඇති සම්මතයට නොගැලපෙන නිසා කාන්තාවන් අසාර්ථක වන ආකාරය දකින්න මිනිසුන් බොහෝ විට කැමතියි,” ඇය පවසයි.

බොහෝ විට ඉහළ තනතුරක සිටින එක් කාන්තාවකගේ අසාර්ථකත්වය සියලු කාන්තාවන් ඉහල තනතුරු දැරීමට නුසුදුස්සන් බවට හුවා දැක්විය හැකි හේතුවක් බවට සමජය පත් කරගන්නා බව ද ඇය පෙන්වා දෙයි.

‘ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව, වෛරය සහ වෛරී සහගත බව‘ මත පදනම් වූ විරෝධය

මේ තත්ත්වය තුළ “අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් දියත් කරන ද්වේශ සහගත සහ අපහාසාත්මක මඩ ප්‍රහාර නතර කරන,” ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ සහ විනීත භාවයේ සීමාවන් ඉක්මවා යන මෙම ප්‍රහාර පිළිබඳව,” ඔවුන්ගේ දැඩි කනස්සල්ල පළ කරන බව ය.

“මෙයින් සමහරක් ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව, වෛරය සහ වෛරී සහගත බව මත පදනම් වී ඇත්තේ ඇය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ කාන්තා දේශපාලන නායිකාවක වන නිසා,” යැයි ද එහි සඳහන් වේ.

“වැරදි සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව ඉදිරිපත් වන අවංක සහ සාධාරණ විවේචන පිළිබඳව” ඔවුන්ගේ විවේචනයක් නැතත්, ” විරුද්ධත්වය සහ විරෝධය දැක්වීමේ සදාචාරාත්මක සීමාවන් උල්ලංඝණය කරන” වෛරී ප්‍රකාශවලට එම පිරිස විරෝධය දක්වා තිබේ.

“මෙය 1960 දශකයේ මුල් භාගයේ සිට මෙරට බොහෝ දේශපාලන නායිකාවන්ට මුහුණ දීමට සිදු වූ එම වෛරී සහගත ප්‍රහාරයන්හි ම දිගුවකි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියට සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියට පවා මෙවැනි වෛරී සහ අපහාසාත්මක ප්‍රහාර වලින් ගැලවීමට නොහැකි වූ,” බව එහි සඳහන් ය.

මෙම ලිපියට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, නීතිඥයන් සහ ක්‍රියාකාරීන් ඇතුළු 58 දෙනෙකු අත්සන් තබා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ සේවා කොමිසමේ මෙහෙයුම් පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම අධිකරණය හෑල්ලු කිරීමක්… කථානායක තීන්දු කරයි!

Next Post

ජොනී, පුතුන් දෙදෙනා ඇතුළු පස් දෙනා තවදුරටත් රිමාන්ඩ්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.