අයහපත් කාලගුණ තත්ත්වය සහ නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙරවරු 11.00 වනවිට නිවාඩු ලබා දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිතව පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකි සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර ඇති නායයෑම් සම්බන්ධ නවතම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
විශේෂයෙන් කඳුකර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව ප්රමුඛ කරගෙන මෙම පියවර ගත් බවද අදාළ බලධාරීන් දැනුම් දෙයි.







