සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාජයවන බව දැන දැන ගෙනෙන විශ්වාස භංගය රජයේ අධ්‍යාපන  ප්‍රතිපත්තිය ජනතාවට පහදා දෙන්න අවස්ථාවක් කරගන්නවා…

by editor
ජනවාරි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ  –  

  • තිබෙන ඉංග්‍රීසි මොඩියුල් ප්‍රශ්නය පිළිබඳ උන්වහන්සේලා දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන උන්වහන්සේලා සතුටු වුනා… මල්වතු අස්ගිරි මහා නායකහිමිවරු බැහැදැක අගමැතිනිය මාධ්‍ය වෙත  කියයි!

පරාජය වන බව දැන දැනම විපක්ෂය විසින් තමන්ට එරෙහිව ගෙන ඒමට සැළසුම් කරන විශ්වාස භංගය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තවදුරටත් ජනතාවට පැහැදිලි කරදීම සඳහා අවස්ථාවක් කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය   පවසයි.

විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂයට අයිතියක් තිබෙන බවත් එය පදනම් කර ගනිමින් දිනයක් දෙකක් අධ්‍යාපනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පුළුල් සංවාදයක් ඇතිවීම හොඳ බවත් ඇය පෙන්වා දෙයි.

අස්ගිරි මහා නායක හිමි බැහැදකිමින්…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයට ප්‍රශ්න සහගත වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් කිරීම සඳහා අද  (08) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය  මෙසේද පැවසුවාය

“විපක්ෂ කණ්ඩායම් වලට තිබෙන්නේ දරුවන්ට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ  හැඟීමක් නෙවෙයි.  සිදුව තිබෙන වරද පාවිච්චි කරමින් කොහොමද වාසියක් ගන්නේ කියන මතයේ ඉඳන් තමයි විපක්ෂය කටයුතු කරන්නේ. මේ විපක්ෂය හිතාගෙන ඉන්නේ මේක තමයි ඒ අයගෙ භූමිකාව කියලා. අපිට තියෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපේ වගකීමයි. අධ්‍යාපනයේ විශ්වාසනීයත්වය තහවුරු කරන්න ඕන. ඒ විශ්වාසනීයත්වයට යම් අභියෝගයක් ආවොත් අපි වහාම මැදිහත් වෙලා ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා. “

“විශ්වාස භංගයක් ගෙන ඒම ඒ අයගේ අයිතිය. ඒ නිසා ඒක කරන්න පුළුවන්. විශ්වාස භංගය පදනම් කරගෙන දවසක් දෙකක් කෙරෙන අදහස් දැක්වීම අධ්‍යාපනය පිළිබදව කෙරෙන සංවාදය තවත් පුළුල් කරන්න අවස්ථාවක් වේවි. මේ විශ්වාස භංගය කොහොමත් පරාජය වෙනවා. මේ නිසා අපි කිසිසේත්ම අපහසුතාවකට පත්වන්නේ නැහැ. ඇත්තටම  අපි මේක අධ්‍යාපන ප්‍රතිපත්ති තව දුරටත් ජනතාවට පැහැදිලි කරන්න අවස්ථාවක් කර ගන්නවා. “

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි නිරන්තරව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කරනවා. මේ වෙලාවේ ඇතිවෙලා තිබෙන ඉංග්‍රීසි මොඩියුල් ප්‍රශ්නය පිළිබඳ උන්වහන්සේලා දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග පැහැදිලි කළා. අපි මේ වනවිට ගෙන තිබෙන පියවර උන්වහන්සේලා අගය කළා. මහනායක හිමිවරු කිව්වේ ක්‍රියාවලිය තුළ තිබෙන වැරදි නිවැරැදි කරගෙන කටයුතු කරන්න කියලයි. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යය බව උන්වහන්සේලාත් ප්‍රකාශ කළා. ඒවා සිදුකරන විට මහා සංඝරත්නය සමඟ නිරන්තර සංවාදයක් තියා ගැනීම පිළිබඳවද සාකච්ඡා කළා. “

“පළමු වසර සිට හයවන වසර දක්වා  මොඩියුල 106 ක් අපි මුද්‍රණය කළා. ඒ  සියලුම මොඩියුල මහනාහිමිවරුන්ට පිළිගැන්වූවා. දෙවන තුන්වන වාරයේ මොඩියුල ගැනත් උන්වහන්සේලා සමග සාකච්චා කරන්න එකඟ වුණා. දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම පමණක් නොව පවතින අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න ඕන කියන සටනේ මම එදත් අදත් හෙටත් ඉන්නවා. ඒ වෙනුවෙන්  නිරන්තර අරගලයක ඉන්නවා. “

“අපි බාරගත්ත පද්ධතිය තුළ දුර්වලතා තිබෙනවා. ඒ දුර්වලතා හමුවන සෑම අවස්ථාවකදීම අපි ඒවා නිවැරදි කරන්න මැදිහත් වෙනවා. මේ ඉංග්‍රීසි මොඩියුලය හා සම්බන්ධ ප්‍රශ්නායේදී කුඩා කණ්ඩායම්  කිහිපයකින් සිදු කරන වෛරී ප්‍රකාශ පැත්තකින් තිබ්බොත් සමස්තයක් ලෙස ඇති වී තිබෙන සංවාදය  දෙස අපි බලන්නේ ධනාත්මකවයි. පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳ විශාල සංවාදයක් ඇතිවෙලා. මේක නිවැරදිව  දියණු කරන්නේ කොහොමද කියන කාරණව සම්බන්ධවෙන් මතුව තිබෙන සාච්ඡාව ඉතාම හොඳයි. අධ්‍යාපන පෙළපොත් ගැන මේ විදිහේ උනන්දුවක් හා සංවාදයක්  මීට කලින්  තිබුණා නම්  මේ  පෙළපොත් වල තිබෙන වැරදි ගොඩක්  නිවැරදි වෙලා.”

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැළසුම් කළ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ප්‍රමාද කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක මේ විදිහට ක්‍රියාත්මක කිරීම තුළින් තමයි වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගන්න පුළුවන්. සියල්ල හරියට හදලා නිවැරදි කරගෙන ක්‍රියාත්මක කරන්න ගියොත් කවදාවත් මේක කරන්න වෙන්නේ නැහැ. අවුරුදු 10 කින් විතර අපේ විෂය මාලා අලුත් වෙලා නැහැ. මේ විදිහට අපේ දරුවන්ට ඉදිරියට යන්න බැහැ.”

“ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙයන්නේම අවශ්‍යයයි. ඒ තුළ හඳුනාගන්නා අඩුපාඩු නිවැරදි කරගන්න අපි නම්‍යශීලි වෙන්න ඕන. ඒ ක්‍රියාවලිය තුළ මතුවන අභියෝග අපි බාර ග්නන ඕන. සියල්ල නිවැරැදි වෙන තෙක්  ක්‍රියාත්මක නොකර ඉන්නවා කියන්නේ  අභියෝග වලින් පැන යාමක්. අපි රට බාර ගත්තේ සියල්ල හොඳ තැනක තිබියදී නෙවෙයි. වැරදි අතට යමින් තිබූ රටක් නිවැරදි අතට හැරවීමේ  අභියෝග අපි බාර ගත්තා.  අධ්‍යාපනයේත්  එහෙමයි. අපි ඒක කරනවා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාරි ජයසිංහ, තනුර දිසානායක, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක,අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, දයාන් විමලවීර   සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලි මීටර 150ට වඩා තද වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්!

Next Post

එක්සත් ජනපදය වෙනිසියුලා ජනාධිපති පැහැර ගැනීමට ශ්‍රී ලංකා රජය විරුද්ධ වන්නේ ඇයි… සභානායකවරයා කරුණු පහදයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.