කොළඹ කොටස් වෙළෙඳපළේ ගනුදෙනු අද (07) උදේ තාවකාලිකව අත්හිටුවා ඇතැයි කොටස් වෙළෙඳපල වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
මෙම පියවර ගෙන ඇත්තේ අද පෙරවරුවේ කොටස් වෙළෙඳපලේ අලුතින් ලයිස්තුගත කළ සමාගමක කොටස් මිලෙහි අසාමාන්‍ය වැඩිවීමක් නිරීක්ෂණය වීම සමගය.
මෙම අසාමාන්‍ය තත්ත්වය පෙන්නුම් කළ අද උදේ ලයිස්තුගත කළ Wealth Trust Securities Limited නැමැති සමාගමකි.
මේ සමාගමමේ මූලික මහජන නිකුතුව වූයේ කොටසක මිල රුපියල් 07කි. එහෙත් ආරම්භක අවස්ථාවේදීම රුපියල් 07ක් වූ කොටස රුපියල් 25000ක් දක්වා විශ්මය ජනක ලෙස ඉහළ ගොස් තිබිනි. එය 350000%ක මිල තේරීමක් විය.
මෙම තත්ත්වය වෙළඳපල පිරිවැටුමේ දැවැන්ත කෘතිම උද්ධමනයකට හේතු වූ අතර එය ක්ෂණිකව රු. බිලියන 162 ක් ලෙස දිස් විය.
නියාමන ක්‍රියාමාර්ග
වෙළඳපොළ අඛණ්ඩතාව පවත්වා ගැනීම සහ තවදුරටත් සිදුවිය හැකි අස්ථාවරත්වය වැළැක්වීම සඳහා, ගනුදෙනුව විමර්ශනය කර නිවැරදි කරන තුරු කොටස් වෙළෙඳපල කළමනාකාරිත්වය ගනුදෙනු තාවකාලික අත්හිටවනු ලැබුවේය.
අත්හිටුවීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට පෙර සමාගම සඳහා පසුකාලීන ගනුදෙනු වඩාත් යථාර්ථවාදී මට්ටම්වල (රු. 17.00 සහ ඊට අඩු) දක්නට ලැබුණු බව වාර්තා වේ.
“වෙළඳපොළ නතර කිරීම” යනු අනපේක්ෂිත අස්ථාවරත්වයක් හෝ තාක්ෂණික දෝෂ ඇති වූ විට “සිසිලන” කාල පරිච්ඡේදයක් සැපයීමට භාවිතා කරන සම්මත නියාමන මෙවලමකි. වෙළඳාම නැවත ආරම්භ කිරීමට පෙර සියලුම සහභාගිවන්නන්ට නිවැරදි තොරතුරු වෙත ප්‍රවේශය ඇති බව මෙය සහතික කරයි.







