සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලෝකයම බලා සිටි මදුරෝ ගේ නඩුව ඇසුන හැටි… සිලියා ෆ්ලෝරස් තැලීම් සහ තුවාල සහිතව අධිකරණය ඉදිරියේ පෙනී සිටී…

by editor
ජනවාරි 6, 2026
in සමාජ
මදුරෝ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

එක්සත් ජනපදයේ මිලිටිරි අංශ විසින් වෙනිසියුලාවේ දී  පැහැරගත්  වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්,  වෙනිසියුලාවේ සිට එක්සත් ජනපදයට රැගෙන ඒමෙන් සතියක්වත් යන්නටත් පෙර මෑන්හැටන්හි ෆෙඩරල් උසාවියක් අභිමුවට කැඳවා තිබිණි.

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, කොකේන් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආයුධ ලඟ තබාගැනිම සම්බන්ධ වැරදි ඇතුළු ෆෙඩරල් අපරාධ චෝදනා ඔවුන් දෙපළ වෙත ගොනු  වූයේය.  ඒ සඳහා වූ  මූලික නඩු විභාගය වෙනුවෙන්  ඊයේ (05) දේශීය  වේලාවෙන් දහවල් 12:00 ට පමණ මදුරෝ සහ සිලියා ෆ්ලෝරස් නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් අභිමුවට පමණුවන ලදී.  එය එක්සත් ජනපද නීති පද්ධතිය තුළ ඔවුන්ගේ පළමු විධිමත් පෙනී සිටීම විය.

ලෝකයේම අවධානයට ලක් වුන  මෙම මූලික නඩු විභාගය මිනිත්තු 30 සිට 40 දක්වා පැවතිනි. ඔවුන් රඳවා සිටි  මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ  සිට  නඩු විභාගය සඳහා මෑන්හැටන් වෙත  රැගෙන විත් තිබුණි.

maduro
මදුරෝ අධිකරණයට රැගෙන ගිය ආරක්ෂක රිය පෙළ

යුවල මැන්හැටන් ෆෙඩරල් අධිකරණය වෙත රැගෙන ගොස් තිබුණේ  ප්‍රවේශමෙන් සම්බන්ධීකරණය කරන ලද ආරක්ෂක විධි විධාන යටතේය. දැඩි ලෙස  සන්නද්ධ එක්සත් ජනපද හමුදා  ආරක්ෂාව යටතේ  රැගෙන ගිය යුවල සඳහා   හෙලිකොප්ටරයකින් සහ මෝටර් රථ පෙළපාලියකින් දැඩි ආරක්ෂාව සලසා තිබුණේය.

මදුරෝ සහ සිලියා සිටියේ  බන්ධනාගාර ඇඳුමින් සැරසීය.  එම අවස්ථාව කැමරාවලට මාධ්‍යයට සහ කැමරාවලට වරාණය කළ එකක් විය. එකවර පරිවර්තනය සඳහා හෙඩ්ෆෝන් පැළඳ සිටි මදුරෝ සහ සිලියා ෆ්ලෝරස් විනිසුරු හෙලර්ස්ටයින් ඉදිරියේ පෙනී සිටි සිටියහ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මදුරෝ වෙනුවෙන් පෙනී සිටියේ   විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි වොෂින්ටන් නීතිඥ බැරී පොලැක්ය. හැරිස් ශාන්ත ලෝරන්ට් සහ වෙක්ස්ලර් නීති සමාගමේ හවුල්කරුවෙක් වන පොලැක්  අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටිමින්   ගෝලීය කුමන්ත්‍රණවලින් පිරුණු සංකිර්ණ ව්‍යුහයක් තුළ ලෝකය ඉදිරියේ  ඇමරිකාව අපහසුතාවයට පත් කළ  නඩු පිළිබඳ පුලුල් අත් දැකීමක් ලබා තිබිණි.

මා නිවැරදියි… මෙය පැහැර ගැනීමක්…

maduro
මදුරෝ අධිකරණයේ පෙනී සිටි ආකාරය දැක්වෙන රූප සටහනක්…

විනිසුරුවරයා  මදුරෝ ගේ සහ සිලියාගේ  අනන්‍යතාවයන් තහවුරු කර ඔවුන්ට එරෙහි චෝදනා කියෙව්වේය. මෙම අපරාධ  චෝදනා මදුරෝ ප්‍රතික්ෂේප කළේය.  ඔහු  පරිවර්තකයෙකු හරහා ප්‍රකාශ කළේ තමා  අහිංසක  බවත් සියලු චෝදනාවලට  වැරදිකරු නොවන  බවත්ය.

තමන් තවමත්   වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙස රැඳී සිටින බව මදුරෝ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.  තමන් මේ ආකාරයෙන්   අල්ලා ගැනීම පැහැරගැනීමක් ලෙස හඳුන්වන බවත් මදුරෝ පැවසුවේය.

“මම අහිංසකයි. මම යහපත් මිනිසෙක්,”    “තවමත් මගේ රටේ ජනාධිපති”  මදුරෝ නැවත නැවතත්  කීවේය.

සිලියා ෆ්ලෝරස් ද වරදකරු නොවන කීවාය.  ඇගේ පරිවර්තකයා හරහා “වෙනිසියුලා ජනරජයේ ජනාධිපති ආර්යාව” ලෙස තමා බව අධිකරණය ඉදිරියේ කීවාය. .

 නීතිමය සහ ශාරීරික තත්වයන්

ස්වෛරී රාජ්‍යයක ප්‍රධානියා ලෙස මදුරෝට යම් යම් ආරක්ෂාවන් හිමිවිය යුතු බවට තර්ක කරමින්, යුවළගේ   නීතිඥයින් ඔවුන් අල්ලා ගැනීමේ නීත්‍යානුකූලභාවය   අභියෝග   කළහ.

නඩු විභාගයේදී  ඔහුගේ නීතිඥ පොලැක් පැවසුවේ මදුරෝගේ “මිලිටරි පැහැර ගැනීම” ලෙස ඔහු හැඳින්වූ දෙය සම්බන්ධයෙන් පුළුල් නීතිමය විග්‍රහයක්  අපේක්ෂා කරන බවත්, සෙනසුරාදා මෙහෙයුම නීති විරෝධී බව විත්තිකරු තර්ක කරන බවත්ය.

මෙම ප්‍රකාශය එක්සත් ජනපද රජය වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙස මදුරෝ හඳුනා නොගන්නා බවට කරන ප්‍රකාශය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වුනේය.

සිලියා ෆොරස් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අයුරු දක්වන රූප සටහනක්…

ක්‍රියා පටිපාටියේ කැපී පෙනෙන මොහොත  පැමිණියේ වෙළුම් පටි සහ තැලීම් ඇතුළු දෘශ්‍යමාන තුවාල සහිතව සිලියා ෆ්ලෝරස් අධිකරණය ඉදිරියේ  පෙනී සිටි විටය.  ඇයගේ නීතිඥ මාර්ක් ඩොනලි පැවසුවේ සිලියා ෆ්ලෝරස්ගේ ඉළ ඇටවල දරුණු තැලීම් ඇතුළු සැලකිය යුතු තුවාල සිදුවී ඇති බවත් ඇයට එක්ස් කිරණ සහ ශාරීරික ඇගයීමක් ලබා දෙන ලෙසත්ය.

දෙදෙනාම අත්අඩංගුවේ තබන  ලෙසත් ඊළඟ නඩු විභාගය 2026 මාර්තු 17 වන දිනට නියම කරන ලෙසත් විනිසුරු හෙලර්ස්ටයින් නියෝග කළේය.

දැන්  මූලික නීතිමය සටන ආරම්භ වී ඇත්තේය.

අධිකරණයෙන් පිටත, විරෝධතාකරුවන් සහ ප්‍රති-විරෝධතාකරුවන් ගැටෙනු පෙනුණි. එය එක්සත් ජනපද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තියුනු ලෙස බෙදී ගිය මහජන හැඟීම් පිළිබිඹු කරන්නකි.

මේ වනවිට එක්සත් ජනපදය මදුරෝ සහ සිලියාව රූපණය කරන්නේ යුද සිරකරුවන් ලෙසිනි.  රටක ඡන්දයකින් පත් වු රාජ්‍ය නායකයෙක් බලහත්කාරයෙන් පැහැරගෙන පැමිණ ඔහු යුද සිරකරුවෙක් ලෙස රුපණය කරමින්  ට්‍රම්ප් ආණ්ඩුව කරන මේ විපරීතය මේ වනවිට ලෝකයම  දැවැන්ත තිගැස්මකට   පත් කර ඇත.

මදුරෝගේ නීතිඥ බැරී පොලැක් පැවසුවේ මදුරෝගේ “මිලිටරි පැහැර ගැනීම” සම්බන්ධයෙන් විශාල හා සංකීර්ණ නඩු පැවරීමක් අපේක්ෂා කරන බවයි. තම සේවාදායකයා දැනට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා නොසිටින නමුත් පසුව එසේ කිරීමේ අයිතිය ඔහු සතු බව ඔහු පැවසීය.

මදුරෝ සහ සිලියා ෆ්ලෝරස් බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් අධිආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානය   තුළ දැන් රඳවා ඇත. ලෝකය මොනතරම් සාධාරණදැයි විමසීම සඳහා වූ ලිට්මස් පරීක්ෂණයක් පමණක් දැන් අප අභියසට ඉතිරිවී  තිබේ.  .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 අනිද්දා සිට යළිත් මහ වැසි….

Next Post

“ආණ්ඩුව සමෘද්ධි වැඩසටහන ප්‍රතිව්‍යුගත කිරීම මුවාවෙන් කුමන්ත්‍රණයක…” වෘත්තීය සමිති මහා නායක හිමිවරු හමුවී ආණ්ඩුවට අනුශාසනා කරන ලෙස ඉලයි!

Related Posts

සමාජ

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.