සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ අය – වැය දිනුම්… කොළඹ නාගරික දේශපාලනයට ඊලඟට කුමක් වනු ඇති ද?

by editor
ජනවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

2026 වර්ෂය සඳහා වන කොළඹ නගර සභා අයවැය ඡන්ද විමසීම හුදෙක් පරිපාලනමය ක්‍රියාවලියක සීමාවන් ඉක්මවා යමින්, මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මෙවර අයවැයට පක්ෂව සහ විපක්ෂව ඡන්දය භාවිත කිරීමේදී පක්ෂ විනය කඩ කළ බවට චෝදනා කරමින් මහජන නියෝජිතයින් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය වඩාත් බරපතල මුහුණුවරක් ගෙන තිබේ.

කොළඹ නගර සභා අය – වැයේ වැදගත්කම

සෑම වසරකම අවසාන භාගයේදී කොළඹ නගරාධිපතිවරයා හෝ නගරාධිපතිනිය විසින් ඉදිරි වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම් වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලබයි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන ක්ෂේත්‍ර කිහිපයක් පවතී:

  • පොදු සෞඛ්‍ය සහ පිරිසිදු කිරීම්: කසළ කළමනාකරණය සහ කාණු පද්ධති නඩත්තුව සඳහා වෙන් කරන ප්‍රතිපාදන.
  • යටිතල පහසුකම්: මාර්ග නඩත්තුව, වීදි ලාම්පු සහ පොදු උද්‍යාන සංවර්ධනය.
  • සුභසාධන කටයුතු: නාගරික සායන, පෙරපාසල් සහ සහනාධාර වැඩසටහන්.
  • ආදායම් මාර්ග: වරිපනම් බදු, වෙළඳ බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු හරහා ආදායම් උපයා ගන්නා ආකාරය.

මෙම ඡන්ද විමසීමේ දේශපාලනික ස්වභාවයක් තිබේ.  අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාදය පවත්වා අවසානයේ සිදුකරන ඡන්ද විමසීමේ දී  සභාවේ බහුතර බලය හිමි පාර්ශවය අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කිරීමත්,  විපක්ෂ කණ්ඩායම් එහි අඩුපාඩු පෙන්වා දෙමින් එය පරාජය කිරීමට හෝ සංශෝධනය කිරීමට උත්සාහ  කිරීමත්  එහි දේශපාලනය ය.

එහෙත් මෙම ඡන්ද විමසීම හුදෙක් දේශපාලන ක්‍රියාවලියක් පමණක් නොවේ. අයවැය සම්මත වීම හෝ නොවීම මත කොළඹ නගරයේ පිරිසිදුකම, වසංගත රෝග මර්ධන ව්‍යාපාර ඇතුළු  මහජන සෞඛ්‍ය ගැටලු,  රාත්‍රී කාලයේ වීදි ලාම්පු දැල්වීම වැනි එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය තීරණය වේ.  ජනතා නියෝජිතයාගේ  හැසිරීමේ ප්‍රතිඵලය ඡන්ද දායකයා ඍජුවම අත් විඳින ස්වරූපයක් පළාත් පාලන දේශපාලනය තුළ තිබේ.

එහෙත් ඒ පොදු දේශපාලනයේදී අපේක්ෂිත ස්වරූපයට වෙනස් වෙමින්   කොළඹ නගර සභාවේ මාලිමා දේශපාලන බලයට වඩා බලයක් පෙන්වීම සඳහා   විවිධ දේශපාලන මත සහිත විපක්ෂ සමූහය එක මිටට එක්ව සිටීම, ඔවුන් විසින් සාධාරණ හේතු නොදක්වා සංවිධානාත්මකව  අය – වැය පැරදවීමට ක්‍රියා කිරීම මේ  අර්බුදයේ මුලය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

පක්ෂ තීරණයට පිටුපෑම සහ විනය පියවර

මෙවර අයවැය විවාදයේ වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරියකවන සොහාරා බුහාරි තමන් නියෝජනය කරන පක්ෂයේ පොදු තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමය.

සිය ඡන්දය අය වැයට පක්ෂව පාවිච්චි කිරිමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමින් සොහාරා පැවසුවේ ඇත්තම කතාව නම් මේ අය – වැයේ එරෙහි වීමට තරම් සාධාරණ තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය ගැටලුවක් විපක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස තමන් නුදුටු බවය.  මේ ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ අභිලාෂයට ඔබ්බෙන්වන  දේශපාලන ගැටුමක් බව කී ඇය තමන්ට  කාන්තාවක ලෙස හිතට එකඟව මේ අය – වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වීම ගැන ආඩම්බර වන බව කීවාය.  ඇය කීවේ කිසිවෙක් තමන්ට තම ඡන්දය භාවිතා කිරීම සම්බන්ධව බලපෑම් නොකළ බවය. එහෙත් මේ ඡන්දය භාවිතයෙන් අනතුරුව මුස්ලිම් කොංග්‍රසය ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූයේය.

එමෙන්ම, විපක්ෂයේ ප්‍රධාන බලවේගය වන සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ රැඳී නොසිටීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක්විය. එය විග්‍රහ වූයේ අය – වැයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමක් ලෙසය.  මෙම සිදුවීම් වාර්තා වීමත් සමගි ජන බලවේග නායකත්වය ද  වහාම ක්‍රියාත්මක වූයේය. පක්ෂ විනය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගත්තේය.

දේශපාලන ගනුදෙනු පිළිබඳ සැකය

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාලක පාර්ශවයේ අයවැයට සහාය දීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම පිටුපස කිසියම් “දේශපාලන ගනුදෙනුවක්” පවතින්නේ ද යන්න පිළිබඳව දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති. විශේෂයෙන්ම කොළඹ වැනි තීරණාත්මක නගර සභාවක බලය තහවුරු කර ගැනීම සඳහා පාලක පක්ෂය දරන උත්සාහය හමුවේ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම පක්ෂ නායකත්වයන්ට එල්ල වූ මරු පහරක් ලෙස සැලකේ.

මේ සම්බන්ධව විවිධ  අදහස් පළ වෙමින් ඇත.  පාරිශුද්ධ දේශපාලනයක් සඳහා පොරොන්දු වී පැමිණි ජාතික ජන බලවේගය විසින්  යම් කිසි ක්‍රමවේදයක් තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සම්බන්ධව සාධාරණ සැකයක් සමාජය තුළ මතු වෙමින් ඇත.  ඉතිහාසයක් තුළ අත් විඳි දේශපාලන ධර්මතා තිබේ.  “ හෘද සාක්ෂියට එකඟ දේශපානය, ප්‍රතිපත්ති ගරුක දේශපාලනය, ජනතාව වෙනුවෙන් ගනු ලබන මානවවාදී තීරණ, “ පිළිබඳ කියැවෙන ප්‍රලාප සිහි බුද්ධියක් සහිතව පිළිගත හැකි දේශපාලන සදාචාරයක් මේ රටේ  තිබුණේ නැත.  විපක්ෂයේ දේශපාලන හැසිරිම තුළ එවැනි ඉඟියක් හෝ ප්‍රකට කළ අවස්ථා මෑත කාලයේ දී නොවේ. මාලිමා ආණ්ඩුවේ දේශපාලන ප්‍රවේශය රටේ ඡන්ද දායකයාට මැජික් එකක් වූයේ  කුපාඩිකමින් තොර දේශපාලනයක් සම්බන්ධව ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දුවය.   එහෙත් ද්වේශය සහ බලය පමණක්ම සාධක කරගෙන, කිසිම පොදු දේශපාලන අරමුණක් හෝ ජනතාවාදී  ප්‍රතිපත්තියක් රහිතව ආණ්ඩුවට ගේම දීම එකම පරමාර්ථය කරගත්  ගෝත්‍රික කණ්ඩායමක් ඉදිරියේ මාලිමාව සදාචාර සම්පන්න දේශපාලනයක් කරනු ඇතැයි  සිහිබුද්ධියක් සහිත කිසිවෙක් විශ්වාස කළ යුතු  නැත.

සභාවේ බල තුලනයට එල්ල වන බලපෑම

කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් අරභයා එම දේශපාලන පක්ෂ විසින් දියත් කළ මෙම විනය පියවරයන් හේතුවෙන් ඉදිරියේදී කොළඹ නගර සභාවේ බල තුලනය වෙනස් වීමට නියමිතය. දැනට  මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරියගේ සහ සමගි ජන බලවේග මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය  අත්හිටුවීම පමණක් සිදුවී තිබේ.  ඉදිරි විනය ක්‍රියාමාර්ගවලින් අනතුරුව පක්ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔවුන්ට තමන් දැරූ නගර සභා මන්ත්‍රී ධූර අහිමි වීමේ අවදානමක් පවතී.

මෙහිදී වඩාත් ප්‍රකටව පෙනී යන්නේ  පක්ෂ අභ්‍යන්තර අර්බුදවල ස්වරූපය ය.  මෙම තත්ත්වය සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය තුළ මන්ත්‍රීවරුන් පාලනය කිරීම සම්බන්ධයෙන් අධිකාරී දේශපාලනය තුළ පවතින ගැටලුකාරී ස්වභාවය මතු කර පෙන්වයි.

මහජන මතය

රට පවතින්නේ පශ්චාත් ආපදා තත්ත්වයකය.  ඉන් ගොඩඒම වෙනුවෙන් රජය දැවැන්ත ක්‍රියාන්විතයක නිරතව සිටින ආකාරය පෙනේ.  එවන් පසුබිමක කොළඹ නගර සභා අය – වැයෙන් ප්‍රකාශ වන්නේ  රටේ අග  නගරයේ පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන සම්බන්ධ නිශ්චයන්ය.

ඒ  පිළිබඳ අවධානය යොමු කළ යුතු මොහොතක, මහජන නියෝජිතයින් පක්ෂ දේශපාලන අරමුණු හෝ පෞද්ගලික වාසි තකා කටයුතු කිරීම පිළිබඳව කොළඹ වැසියන් පසුවන්නේ නොපැහැදීමෙනි.  ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජනතාව ලබා දුන් ඡන්දය බිඳී විසිරුණ හුදකලා මන්ත්‍රී කණ්ඩායමක ද්වේශ  සහගත පුද්ගලික අභිලාෂයන් මත තීරණය වීම පිළිබඳ කොළඹ ජනතාවගේ ඇති පිළිකුළ තේරුම් ගැනීමට විපක්ෂ කණ්ඩායම්වලට ඇති අපහසුව ඔවුන් දේශපාලනිකව ලබන බිහිසුනුම පරාජය නිර්මාණය කර ඇති අයුරු පෙනේ.

අවසාන වශයෙන් යළිත් කිව යුතුව ඇත්තේ 2026 කොළඹ නගර සභා අයවැය ඡන්ද විමසීම හුදෙක් අගනුවර පාලනය පිළිබඳ ලියවිල්ලක් පමණක් නොව, මෙරට පක්ෂ දේශපාලනයේ විනය සහ ස්ථාවරභාවය මැන බලන දර්ශකයක් බවය. ඉදිරි දින කිහිපය තුළ මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය කොළඹ නගර සභාවේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගෙන  මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදකී

Next Post

අය – වැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය ගැන මට ඇත්තේ විශාල ගෞරවයක්… කොළඹ නගරාධිපතිනිය කියයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.