ඉඳුනිල් කහටපිටිය මහනුවර සිට –
අද ( 06) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුන ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමටු රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් විමසන මූලික සාධනීය දත්ත ඉදිරිපත් කිරීමට ක්ෂේත්‍ර ගණනාවක නිලධාරින් අපොහොසත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ජනාධිපතිවරයා ඉලක්ක කර විමසා සිටියේ සාමාන්‍ය ජනතවාවට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නිලධාරීන්ගේ ඇති සූදානමය.
එහෙත් ගොවිජන සේවා(මධ්‍යම පළාත් )නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ හැර වෙන කිසිම නිලධාරියෙක් වෙත ජන ජීවිතය පුනරුත්ථාපනය කර පවත්වාගැනීම සඳහා වූ ඉදිරි ප්‍රායෝගික වැඩපිළිවෙළක සැලැස්මක් නොතිබුන බව පෙනුණි.
ආපදාවෙන් දින 10කට පසු ජලය, ආහාර, විදුලිය, මාර්ග පද්ධතිය, ඉන්ධන සැපයුම්, වාරිමාර්ග ඇතුළු අත්‍යාවශ්‍ය සේවා යථාවත් කිරීම සඳහා, මෙතෙක් පැවති ප්‍රමාණය, හානියට පත් වූ ප්‍රමාණය, මේ මොහොත වනවිට යථාවත් කළ ප්‍රමාණය, බරපතල තත්ත්වයේ පවතින ප්‍රමාණය, මෙම තත්ත්වය සමහන් කරගැනීම වෙනුවෙන් බිම් මට්ටමේ ඇති සැලසුම ගැන කළ විමසීම්වලදී ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා හැර කිසිවෙකුට නිශ්චිත පිළිතුරක් නොතිබිණි.
ලබා දුන් පිළිතුරු ද අනුමාන සහිත ඒවා විය. ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා පමණක් තමන් සතුව ඇති පොහොර ලබා දුන් ලේඛන අනුව කඩිනමින් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය, අපාදාවට ලක් වී ඇති ඉඩම් ප්‍රමාණය, ආපදාවේ ස්වරූපය, බරපතල භූමි හානි සිදුවූ ගොවි බිම්, ඇතුළු දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව ප්‍රකාශ කළ අතර එම වාර්තාව අනුව හැකි ඉක්මනින් ගොවිබිම්වල වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වන්දි සහ ප්‍රදානයන් ලබා දීමට කටයුතු කරන බව ද දැන්වූයේය.
අර්බුද අවස්ථාවක දී රාජකාරී සීමා කොටු කරගෙන නොසිට අනෙක් රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් සමග සම්බන්ධීකරණයෙන් ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම රජයේ නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
මහනුවර පානීය ජල ව්‍යාපෘති 20න් 18ක් ආපදාවට ලක් වී ඇති බවත්, ඉන් 16ක් යථාවත් කළ ද තවත් මධ්‍යස්ථාන දෙකක් යථාවත් කරමින් පවතින බවත් අනාවරණය විය. ඉදිරි දින තුන තුළ මෙම ව්‍යාපෘති දෙකත් යථාවත් කරන බවට නිලධාරීන් පැවසුව ද දින දෙකක් තුළ මෙය නිම කළ හැකිදැයි සැක සහිත බවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් දන්වා සිටියේය.







