ඊයේ (03) රාත්රියේ නොරොච්චෝල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක සහ පිරිමියෙක් ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ වියරු ඝාතකයෙකුගේ සාහසික ඝාතනයක් පිළිබඳව වාර්තා වේ.
ඝාතනය වී ඇත්තේ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 35 හැවිරිදි කාන්තාවකි. ඔවුන් නොරොච්චෝල නාවක්කාඩු ප්රදේශයේ පදිංචිකරුවන්ය.
ඝාතකයා 23 හැවිරිදි තරුණයෙකි. ඔහුත් මේ වනවිට පොලිස් අත් අංඩංගුවට ගෙන ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.
නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්රදේශයේදී ඊයේ (03) රාත්රී කාලයේ සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව තුවාල කරුවන් රෝහල්ගත කර ඇති අතර මරණ දෙක සිදුවී ඇත්තේ පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.
පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්රතිකාර ලබයි. නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.







