ශ්‍රියානි විජේසිංහ
දැඩි ආපදා තතත්වයට පත් ව තිබු මයියංගනය රෝහල තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇති අතර එහි ප්‍රතිකාර ලැබූ රෝගින් බිබිල සහ දඹාන රෝහල් වෙත අනුයුක්ත කිරිමට කටයුතු කළ බව රෝහලේ ජේ්‍ය්‍යෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසුවේය.
මයියංගන රෝහලේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තාවකාලිකව බිබිල සහ දඹාන රෝහල් වෙත අනුයුක්ත කල අතර සීමාවාසික වෛද්‍යවරුන්ට නවාතැන් පහසුකම් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට දින කීපයක් රාජකාරි නිවාඩු ලබා දිමට කටයුතු කළ බවද හෙතෙම පැවසුවේය.
මයියංගනය රෝහලට පානීය ජලය, විදුලිය, ආහාර සහ මාර්ගයන් මුළුමනින්ම අවහිර වීම හේතුවෙන් රෝගී සත්කාරයන් සිදුකිරිමට නොහැකි වීමෙන් මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව ඔහු කීය.මයියංගන රෝහලේ පහළ මාලයේ තිබු ශල්‍යාගාර මුළුමනින්ම විනාශ වී ඇති අතර රෝහලේ ගිලන්රථ කීපයක්ම ගංවතුරට හසුවී රෝහල් භූමිය තුල රදවා ඇති බවද හෙතෙම පැවසුවේය.







