මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට කෝටි 04කට වඩා වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමා උත්සාහ කළ ශ්‍රි ලාංකිකයින් සිවු දෙනෙක් ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 04කට අධිකය.
මැලේසියාවේ සිට පැමිණි මෙම සැකකරුවන්ගේ ගමන් මළු තුළ පාර්සල් හතරක තිබී කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.
රියදුරු වෘත්තියේ නිරත අවුරුදු 24 හා 26 වයස්වල පසුවන සැකකරුවන් කොළඹ 12, කොළඹ 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







