විරල ධර්මදේශනාමය පින්කමක්වන සමන්ත පට්ඨාන ධර්ම දේශනා පින්කමක් නික/ වාරි දෙමටලුව මහා විද්‍යාලය පරිශ්‍රයේ දී හෙට (21 ) පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික දහම් තලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ ත්‍රෛනිකායික විනයා ලංකාර සමග්‍රී සංඝ සභාවේ ගරු ලේකම් පූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විසින් මෙම දේශනාව සිදුකරනු ලබයි.
ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සහභාගී වන සෑම අයෙක්ම සුදු වතින් සැරසී පැමිණ පස්වරු 4. 45 වන විට ධර්ම ශාලාවේ අසුන්ගත යුතු බවත් පැමිණෙන සෑම කෙනෙක්ම ධර්මය සටහන් කර ගැනීමට පොතක් ,පෑනක් සහ පට්ඨාන වන්දනා පොත් ඇතොත් ඒවාද රැගෙන එන ලෙසත් සංවිධායක මණ්ඩලය දන්වයි.
පට්ඨාන වන්දනා පොත් නොමැති අයට එදින ඒවා ලබාදීමට කටයුතු කරන බව ද සංවිධායකවරු පවසති.
ධර්ම දේශනාව අවසන් වීමෙන් පසුව නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමටත් කටයුතු සකස් කර ඇත.
මෙම ධර්ම දේශනා වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ දෙමටලුව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු දෙගුරු සමිතිය, වෑදන්ඩ ශ්‍රී සුඛතාරාම විහාරස්ථ බොදු මඟ සහ දෙමටලුව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසිනි.







