බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ආරක්ෂාව ගැන යළි යළිත් තහවුරු කරද්දී  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලිය හැර දමා එන්නට හැදූ හැටි ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාව…

by editor
නොවැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තහවුරු කිරීමට   පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවෙයි… තරග කාල සටහන වෙනස් වේ… තරගාවලිය දිගටම…

ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් කීප දෙනෙක් විසින් ඇති කරන ලද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයත් තරගාවලිය අතහැර සිය රටට පැමිණීමට කළ ඉල්ලීමත් සමග ව්‍යාකූල වූ පකිස්ථාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සහ පකිස්ථාන, ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය අඛණන්ඩව පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබේ.

තරගාවලිය අත්හැර එන ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් අනාගතය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනතුරු අඟවා තිබිණි. සියලුම ආකාරයේ ආරක්ෂාව සැපයීම සහතික කරමින් රටේ ජනාධිපතිවරයා ක්‍රිකට් කණ්ඩායමට දන්වා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව අවබෝධය සහිතව දිගටම ක්‍රිඩා කරන ලෙසය.

එසේ පවතිද්දීත් ඊයේ (12) මධ්‍යම රාත්‍රිය වනතුරුම සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි. ඒ වනතුරු තිබුණේත් අවිනිශ්ඡිත භාවයකය. බියපත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කීප දෙනෙක් තරගාවලිය අත් හැර එන්නට උත්සාහ කරමින් සිටියහ. ඒ වනවිට ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරගාවලිය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයින්ට ආදේශක සංචිතයක් සූදානම් කරමින් සිටියේය.

මෙම තත්ත්වය ඇතිවීමට  ක්‍රීඩක කළමනාකරුවන් කීප දෙනෙකුගේ මැදිහත්වීම ද සිදුවී ඇති බව දේශීය තොරතුරු අනාවරණය කර තිබිණි. කණ්ඩායමේ සියලුම දෙනා එක් කාමරයක් තුළ රැඳි සිටිමින් තරගාවලිය හැර දා පැමිණිමේ ස්ථාවරයේ සිටි බවත් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙක් නායකත්වය දෙන පසුබිමක කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ට සිය ස්වාධීන ස්ථාවරයේ රැඳී සිටීමට නොහැකි වූ ආකාරයත් එම තොරතුරු අනාවරණය කළේය.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ  ඊයේ මධ්‍යම  රාත්‍රියවන තුරුම ක්‍රීඩකයින්, කණ්ඩායමේ කළමනාකාරිත්වය, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය, පකිස්ථාන ක්‍රිකට් ආයතනය සහ පකිස්ථාන ආරක්ෂක අංශ දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් සිටි බවය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවසානයේ දී පකිස්ථානු ආරක්ෂක ආයතනයේ ඉහළම නිලධාරීන් පිරිසක් කණ්ඩායම ලැගුම් ගෙන සිටි හෝටලයට පැමිණ ඔවුන් හමුවී ඇති අයුරු එම මාධ්‍ය වාර්තා පැවසුවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සාකච්ඡාව ප්‍රමාද වී අවසන් වූයේය. අවිනිශ්චිතතාවය මැද සැලසුම් අවුල්වීම නිසා යළි තරගාවලි රටාව යථාවත් කිරීමට   තරගාවලි කාලසටහන යාවත් කාලීන කිරීමෙන් ගැටලුව විසඳා ගන්නට හැකි වී තිබේ. ඒ අනුව එක්දින තරගාවලියේ අද (13)  පැවැත්වීමට නියමිතව තිබූ තරගය හෙට (14)ත්, 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය 16 වැනිදාටත් කල් දමා තිබේ.  තුන් කොන් තරගාවලියේ මුල් තරගය ද එක් දිනකින් කල් දමා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වූයේය. නියමිත පරිදි තරඟ දිගටම ක්‍රීඩා කරන ලෙස කණ්ඩායමට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඔවුන්ගේ උපදෙස් නොසලකා හරින සංචාරක කණ්ඩායමේ ඕනෑම සාමාජිකයෙකුට අත්වන  ප්‍රතිවිපාක ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිතව දැන්වූයේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු, ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන්ගේ ක්‍රියාවන් තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර, සමාලෝචනය අවසන් වූ පසු සුදුසු තීරණයක් ගනු ලැබේ,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ක්‍රීඩකයින්ට තරගාවලිය හැර දමා යළි දිවයිනට යෑමට   කරන ඉල්ලීම්වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස පෙනී සිටි බව වාර්තා වේ.   සැලසුම් කර ඇති එක්දින තරඟ තුනෙන් එකක් පමණක් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය, සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග තුන් කොන් තරගාවලියකට සහභාගී වීමටත් නියමිතය. මේ සියලු තත්ත්වයන් තුළ ක්‍රීඩකයින් තරගාවලිය අත් හැර දමා පැමිනීමට දැඩි පීඩනයක් කළමනාකරීත්වයට එල්ල කළ බවත් ඒ හේතුවෙන් තවත් විශේෂ රැස්වීමක් පැවැත්වීමට සිදුවූ බවත් cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී  ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික කිරීම සහ සංචාරය දිගටම කරගෙන යාමට ඔවුන් දිරිමත් කිරීම සඳහා පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති මොෂින්  නක්වි ඔවුන් හමුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන ඔහු පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෆ්‍රෙඩ් සිරිවීර හමුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක වර්තාවක්  ලබා දී ඇති බවත් පකිස්ථානයේ ශ්‍රි ලංකා තානාපති  ෆ්‍රෙඩ්  සිරිවීර ඒ පිළිබඳව සෑහීමකට පත්වන බවත් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වර්ෂ 2009 දී ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් විය. කෙසේ වෙතත් දිගු කාලයකට  පසු පාකිස්තානයට සංචාර නැවත ආරම්භ කළ පළමු ජාත්‍යාන්තර ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව ද විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා තරගාවලිය අත් හැර එන ක්‍රීඩකයින්ට විනය පියවර… ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි!

Next Post

අයිස් කිලෝ 345 සමග අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට දින 07ක රැඳවුම් නියෝගයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.