හැටන් රංජිත් රාජපක්ෂ –
-
ජෙරොම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීමට ප්රමුඛව වැඩ කරන පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් බව ප්‍රදේශවාසීහු කියති…
තමන් දිවැසිවරයෙක් ලෙස හඳුන්වාගෙන වෙනම ආගමික සම්ප්රදායක් සම්බන්ධ ප්රචාරයේ යෙදෙන පාසටර් ජෙරොම් ප්‍රනාන්දුගේ යාඥා මධ්‍යස්ථානයක් නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ ඉදි කිරිමට විරුද්ධ වූ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළදසැළට කිසියම් පිරිසක් විසින් පෙරේදා (07) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර එම ගොඩනැගිල්ල ගිනිතැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.
රාත්‍රි 11:00ට පමණ පොලු, මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණ එම පිරිස මුලින්ම එම වෙළඳසැළට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සහ කර පලා ගොස් ඇත.
එම අවස්ථාවේ වෙළදසැල්හිමියා ප්‍රදේශවසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරීමට සමත් වී ඇති අතර, එසේ පැමිණි පිරිස වෙළදසැල් හිමියාගේ යතුරුපැදියටද පහර දී අලාභ හානි සිදු කර ඇත.
ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයා පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ යාඥා මධ්‍යස්ථානය ඉදි කිරීම භාරව කටයුතු කළ පුද්ගලයා බවට වෙළදසැල් හිමියා විසින් හදුනාගෙන ඇත.
එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත්, එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවත් වෙළදසැල් හිමියා කිය සිටියේය.
පාස්ටර් ජෙරොම් එම යාඥා මධ්‍යස්ථානය ඉදි කිරිමට නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ ඉඩම මිලදි ගෙන ඇති අතර, එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදි කිරිම සඳහා පසු ගිය ජූනි මාසයේ උත්සාහ කිරිමෙදී වෙළදසැල් හිමියා සහ ප්‍රදේශවසීන් විශාල පිරිසක් එක්ව එයට දැඩි විරෝධය දැක්වීම හමුවේ එම ගොඩනැගිල්ලේ ඉදි කිරීම කටයුතු තාවකාලිකව නතර වූයේය.
පහර දීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශන ඔස්සේ හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය විමර්ෂණ අරම්භ කර ඇත.







