දිනසේන රතුගමගේ –
යාපනය ශීක්ෂණ රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහි කළ කාන්තාව ඊයේ ( 8 ) හදිසියේම මියගොස් තිබේ.
යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි යෝගරාසා මයුරතී නම් 45 හැවිරිදි මව විවාහ වී වසර 21 ක් යනතුරු දරුවන් ලැබී නොමැත.
ඇය විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහලේදී එක් පිරිමි දරුවකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු වශයෙන් දරුවන් තුන් දෙනෙකු බිහිකොට තිබේ.
පසුව මේ කාන්තාව එක්වරම රෝගී තත්ත්වයකට පත්ව ඇති අතර පැය විසි හයකට පසුව ඇය මියගොස් තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ කාන්තාවගේ අක්මාවට විෂබීජයක් ඇතුලු වීම නිසා ඇති වූ ආසාදනයකින් ඇය මරණයට පත්ව ඇති බවයි.
නමුත් මේ මරණය සම්බන්ධයෙන් නිසි මරණ පරීක්ෂණ වාර්තාවක් මෙතෙක් නිකුත් කොට නොමැති අතර මියගිය කාන්තාවගේ ශරීරයේ කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹට යවා තිබේ.







