අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම පුද්ගලයා ඉලක්ක කර වෙඩි තබා පලා ගොස් ඇති බවය.
වෙඩි ප්‍රහාරයට ලක් වු පුද්ගලයා ව්‍යාපාරිකයෙක් බවත් ඔහු පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වු කරන්දෙණියේ සුද්දාගේ වැඩිමල් සොයුරියගේ සැමියාවන වරුෂවිතාන මිරන්ත නැමැත්තා බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි වැදී බරපතල ලෙස තුවාල වූ වින්දිත පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිසිය පැවසුවේය.
පොලිිසය වැඩිදුර විමර්ශන පවත්වයි







