ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු නිකුත් කර තිබේ.
අද (29) දිනයේ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ කැදවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්රාත් වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මණුවර්ණ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සඳහන් කළේ ඉඩම් බෙදා දීමේ ජාතික උත්සවයකට තම සේවාදායකයා සහභාගි වී ඇති බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.
කෙසේවෙතත් කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර සැකකරුට වරෙන්තු නිකුත් කර ඇත.







